*
Saturday, October 12, 2024
spot_img

Latest Posts

විදේශ ලේකම්වරිය සහ එක්සත් රාජධානියේ විදේශීය, පොදුරාජ්‍ය මණ්ඩලයීය සහ සංවර්ධන කාර්යාලයේ නිත්‍ය උප ලේකම්වරයා අතර සාකච්ඡාවක්

විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සහ එක්සත් රාජධානියේ විදේශීය, පොදුරාජ්‍ය මණ්ඩලයීය සහ සංවර්ධන කාර්යාලයේ (FCDO) නිත්‍ය උප ලේකම් ශ්‍රීමත් පිලිප් බාර්ටන් මැතිතුමා, 2023 ජනවාරි 17 වැනි අඟහරුවාදා දින, කොළඹ පිහිටි විදේශ අමාත්‍යංශයේ දී සාකච්ඡා පැවැත්වූ හ. එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා සැමරෙන 75 වැනි වසර මධ්‍යයේ  මෙම ඵලදායී ද්විපාර්ශ්වික සාකච්ඡාව පවත්වන ලදී.

මෙහිදී සිය අදහස් පළ කළ විදේශ කටයුතු ලේකම් විජේවර්ධන මහත්මිය, මෙරට වත්මන් වර්ධනයන් සහ 2023 වසර සමාජ-ආර්ථික ස්ථාවරත්වය, ප්‍රතිසන්ධානය සහ ප්‍රකෘතිමත්භාවය සාක්ෂාත් කරගැනීමේ වසරක් ලෙස හඳුනාගනිමින් රජය විසින් සිදු කරන කල සැලසුම් පිළිබඳව එක්සත් රාජධානියේ නිත්‍ය උප ලේකම්වරයා දැනුම්වත් කළා ය. ශ්‍රී ලංකාව දරන පරිශ්‍රමයන් දිරිමත් කළ නිත්‍ය උප ලේකම් බාර්ටන් මැතිතුමා, මේ සඳහා එක්සත් රාජධානියේ සහයෝගය ලබා දෙන බව යළිදු අවධාරණය කළේ ය.

ආර්ථික ප්‍රකෘතිමත්භාවය සහ ආර්ථික වර්ධනය කෙරෙහි ශ්‍රී ලංකාව ලබා දී ඇති ප්‍රමුඛතාව කෙරෙහි අවධානය යොමු කළ විදේශ කටයුතු ලේකම්වරිය, එක්සත් රාජධානියේ වෙළඳපොළට අවතීර්ණ වීම සඳහා තීරුබදු රහිත ප්‍රවේශයක් සලසන්නා වූ, සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන වෙළඳ යෝජනා ක්‍රමය (DCTS) යටතේ මෙන්ම, ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය සහ පුහුණු ශ්‍රමිකයන් සංක්‍රමණය ආදී අනෙකුත් අංශ සඳහා එක්සත් රාජධානිය ලබා දෙන දායකත්වය ඉහළ නැංවීම සම්බන්ධයෙන්  එක්සත් රාජධානිය සමඟ ශ්‍රී ලංකාව පවත්වන ආර්ථික හවුල්කාරිත්වයේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළා ය. දේශගුණික විපර්යාස පිළිබඳ අරමුණුවලට ප්‍රතිචාර දැක්වීම සහ 2030 වසර වන විට  පුනර්ජනනීය බලශක්තිය 70% කින් සාක්ෂාත් කරගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සතු ඉලක්කය සාක්ෂාත් කරගැනීම ඇතුළුව වෙළඳ සහ ආයෝජන සබඳතා තවදුරටත් පුළුල් කිරීමේ ශක්‍යතාව දෙපාර්ශ්වයේ ඇගයුමට ලක්විය.

වත්මන් බහුවිධ නිරතවීම්  ඉහළ නැංවීම සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතා ක්ෂේත්‍ර කිහිපයකට අදාළ ප්‍රතිඵල සහිත ප්‍රවේශයක් තුළින් ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල සාක්ෂාත් කරගැනීම සඳහා කටයුතු කිරීමේ අරමුණින්, 2023 වසරේ පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර සංවාදයක් ආරම්භ කිරීම සඳහා දෙපාර්ශ්වය සතු අන්‍යෝන්‍ය උනන්දුව මෙහිදී අවධාරණය කෙරිණි.

එක්සත් රාජධානියේ වෙසෙන,  ශ්‍රී ලාංකික උරුමයක් සහිත ප්‍රජාව තුළින් ඉස්මතු වන විචිත්‍රවත් පුද්ගලාන්තර සබඳතා විදේශ කටයුතු ලේකම් විජේවර්ධන මහත්මියගේ සහ විදේශීය, පොදුරාජ්‍ය මණ්ඩලයීය සහ සංවර්ධන කාර්යාලයේ නිත්‍ය උප ලේකම්වරයාගේ පැසසුමට ලක්විය.විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සහයෝගය දෙරටේ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා වඩාත් හොඳින් උපයෝගී කරගැනීම සඳහා ඔවුන් සමඟ තවදුරටත් සම්බන්ධ වීම සම්බන්ධයෙන් රජය සතු අභිප්‍රාය පිළිබඳව ද විදේශ කටයුතු ලේකම් විජේවර්ධන මහත්මිය විසින් නිත්‍ය උප ලේකම්වරයා දැනුම්වත් කරන ලදී.එක්සත් රාජධානියේ සහ ශ්‍රී ලංකාවේ 75 වැනි රාජ්‍යතාන්ත්‍රික සංවත්සරය, දෙරට අතර පවත්නා දීර්ඝ කාලීන සබඳතා අනාගත දැක්මක් සහ ප්‍රතිඵල ඉලක්ක කරගත් ආකාරයෙන් පිළිබිඹු වන අයුරින් මෙම වසරේ දී සැමරීමට දෙපාර්ශ්වය සිය එකඟත්වය පළ කළ හ.

කලාපීය සහ ජාත්‍යන්තර වර්ධනයන් පිළිබඳව සිදු කළ අදහස් හුවමාරුව අතරතුර අදහස් දැක්වූ විදේශ කටයුතු ලේකම් විජේවර්ධන මහත්මිය, ඉන්දියානු සාගර කලාපය සමඟ සිදු කරන නිරතවීම් ආශ්‍රිතව ශ්‍රී ලංකාව සතු  ප්‍රමුඛතා ප්‍රතිපත්ති පිළිබඳව මෙන්ම, ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ (IORA) සභාපති ධුරය මෙම වසරේ දී ශ්‍රී ලංකාවට හිමිවීම සම්බන්ධයෙන්  නිත්‍ය උප ලේකම්වරයා දැනුම්වත් කළා ය.

නිත්‍ය උප ලේකම් ශ්‍රීමත් බාටන් මැතිතුමා මෙම සංචාරය අතරතුර විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මැතිතුමා සහ ජනාධිපති කාර්ය මණ්ඩලයේ ප්‍රධානී සාගල රත්නායක මැතිතුමා ද හමුවිය. බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මැතිනිය සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ සහ එක්සත් රාජධානියේ විදේශීය, පොදුරාජ්‍ය මණ්ඩලයීය සහ සංවර්ධන කාර්යාලයේ නිලධාරීහු ද ශ්‍රීමත් පිලිප් බාර්ටන් මැතිතුමා සමඟ ඊට සහභාගී වූහ. විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මෙම හමුවට සහභාගී වූහ.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 ජනවාරි 17 වැනි දින

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan