*
Thursday, September 19, 2024
spot_img

Latest Posts

අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට ඉන්දියාව ඉදිරියේ පරාජයක්

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 18 කොළඹ (LNW): දේශපාලන අතපෙවීම් නිසා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තහනමකට මුහුණ දෙන්නට සිඳුවීමෙන් අහිමි වූ අවුරුදු 19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය පැවත්වෙන දකුණු අප්‍රිකාවට ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට පෙරහුරු තරගයකදී ඉන්දීය කණ්ඩායම වෙතින් කඩුලු 7 ක පාරාජයක් අත් විඳින්නට සිඳු විය.අවුරුදු 19 න් පහළ ආසියාතික සූරයින් වූ බංගලාදේශය සමඟ ලැවති පෙරහුරු තරගව ලකුණු 112 න් ජයගත් ශ්‍රී ලංතා කණ්ඩායම ඉන්දියාව සමඟ පැවති තරගයේදී මද පසුබෑමකට ලක් වු බව පෙනෙන්නට ඇත.

නියමිත පන්දු ඕවර් 50 තුළ ශ්‍රී ලංකාවට ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 208 ක් පමණි.එහිදී ඔවුන් කඩුුලු 9 ක් අහිමි කර ගත්තේය.මෙහිදී ඉන්දියාව සම්බන්ධ මානසිකව ශ්‍රී ලංකාවේ ක්‍රිඩාවට මුහුණ දෙන්නට සිඳුවෙන ගැටළුවට මේ තරුණයින් ද මුහුණ දුන්නා ද යන්න සැක සහිතය.මේ කණ්ඩායම මානසිකව ශක්තිමත් කළ සහ තරුණ කණ්ඩායමේ ප්‍රශංසාවට ලක් වූ අභිප්‍රේරණය යන්න විශයක් ලෙස හැදෑරූ භාතිය අර්ථනායකගේ මැදිහත්වීම වෙනුවට එය විශයක් ලෙස හදාරා නැති අයෙක් තරග මානසිකත්වය සමඟ කටයුතු කිරීමෙන් ද යම් ගැටළු පැන නැඟිය හැකිය.තව දුරටත් ලෝකයේ කිසිවක් හුදෙකලා විෂයන් ලෙස නොපවතින බව සමහර විෂයන්වලින් දස්කම් දැක් වූ ඉතිහාසයක් ඇති අය තේරුම් නොගැනීම ලංකාවේ බොහෝ කේෂ්ත්‍රවල බිඳ වැටීමට හේතුව වන අතර,නවතාවයෙන් හිතන්නට උත්සාහ කරන පාලකයන් ද ඔවුන්ගේ ජනප්‍රියත්වය පදනම් කරගෙන විවේචනයට,අපවාදයට සහ ගැරහීමට ලක් කිරීම සාමාන්‍ය තත්ත්වයකි.

කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යැවීමේදී ලකුණු 208 ආරක්ෂා කිරීමේ අසිරු උත්සාහයට වඩා දකුණු අප්‍රිකානු තණතීරු තුළ තමන්ගේ පන්දු යැවීමේ හැකියාව ඇති සියලුම දෙනා යොදවා නිරීක්ෂණය කරන්නට උත්සාහ කර ඇති බව පැහැදිළිය.එය හොඳ පෙර පුහුණු සැසියක් ලෙස හැදින්විය හැකිය.ඒ අනුව ඉන්දීය පිතිකරුවන් වඩා පහසුවෙන් පිත්ත හසුරවමින් ලකුණු අතරට පැමිණියා.ශ්‍රී ලංකාව වෙනුවෙන් අභියෝගාත්මක පිතිකරණයේදී දිනුර කළුපහන ලකුණු 67 ක් ලබා ගනිමින් ලකුණු අතරට පිවිසීම වැදගත්.පුහුණු තරග දෙකේදිම ශ්‍රී ලංකාවේ පිතිකරණය ශක්තිමත්ව පවත්වාගෙන යාම කෙරෙහි අවශ්‍යයම කරන සාධකයක වන නායක සිනෙත් ජයවර්ධන ලකුණු අතරට නො’පිවිසීම වහා වෙනස් විය යුතුව තිබෙනවා.ඒ වගේම පුහුණු තරගයක් නිසාම විහස් තේව්මික මෙන්ම විශ්ව ලහිරු වැනි පිත්තෙන් දස්කම් දැක්වීමට හැකියාව ඇති ක්‍රීඩකයින් පසුපසින් යෙදවීමට කටයුතු කළ අයුරුද දකින්නට ලැබුණා.එය ද යම් ආකාරයකින් ලකුණු පූවරුව වෙනස් වීමට හේතු වන්නට ඇති නමුත් මේ තරගයේදී ශ්‍රී ලංකාවේ පිතිකරණය යම් යම් සංශෝධනවලට ලක් වී පොහොසත් විය යුතු බව සිතීම ඉදිරි ජයග්‍රහණ පොහොසත් කිරීමට හේතුවෙන බව පැහැදිළියි.

ලෝක කුසලානය දක්වා යාම පහසු නැති බව පැහැදිළියි.නමුත් ලෝක කුසලාන තරගාවලියේ තරගයෙන් තරගය සැළසුම් සහගතව ජයග්‍රහණය අපේක්ෂාවෙන් ක්‍රීඩා කිරීම අතිශයින් වැදගත් වෙනවා.එකම දුරක් ඇති කඩුල්ලක දක්ෂතාවයේ සහ නොහැකියාවේ ප්‍රතිපලය මත ජයග්‍රහණයේ හෝ පරාජයේ තීරණය රැඳී තිබෙන බව වටහා ගත යුතුයි.ඒ සඳහා සමාන මානව රූප තරග කරනු විනා වෙනස් අවයව වැඩිපුර ඇති පිරිස් තරග නොකරන බවත් පැහැදිළියි.එහෙත් තරගයෙන් තරගයට නැවත නැවත මේ දේ තේරුම් ගෙන ජයග්‍රහණය එකතු කරගෙන අවසන් කණ්ඩායම් අට අතරට ඒම සඳහා ශ්‍රී ලංකා ක්‍රිඩකයින් කටයුතු කිරීම තුළ ගොඩ නැඟෙන විශ්වාසය ඔවුන්ව නොසිතූ දුරකට ගෙන යන්නට ඉඩ තිබෙන බව සහතිකයි.

ක්‍රික්ට්ම නොවන තාක්ෂණයකින් ඔබේ හිත පාලනය කර ගෙන එය ක්‍රිකට්වලට පරාවර්ථනය කර ගැනීමට මේ තරුණ කණ්ඩායමට හැකියාව ලැබුණොත් ඒ සිතීමේ ශෛලියම ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වල අනාගතයට හැරවීමේ ලක්ෂයක් එකතු කරන බව සහතිකයි.ඒ නිසා ඉදිරි තරගවලට පරාජය විය නොහැකි මනසින් මුහුණ දෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාවත් ශක්තියත් අවශ්‍යය වන අතර ඒ සඳහා අවශ්‍යයනම් තව දුරටත් පුහුණුකරු ජෙහාන් මුබාරක්ට මේ දක්වා හඳුනාගත් සංශෝධන විය යුතු ඉම් ඩිජිටල් ලෝකය ඇතුළේ දුර සිට හෝ ස්පර්ශ කරවන්නට හැකියාව තිබෙනවා.ඒ සඳහා අලුත්වන ලෝකය සමඟ ගමන් කිරීමේ පියවරට පිවිසෙන්නට පරණ අත්දැකීම්වලින් අලුත් ලෝකය හදන්නට උත්සාහ කරන පැරණි ඔළුවලින් ගැලවෙන්නට තරුණයන්ට අවශ්‍යය සහය දෙන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගනු ඇතැයි අප විශ්වාස කරනවා.

පහතින් දැක්වෙන්නේ ඉන්දීය – ශ්‍රී ලංකා තරගයේ ලකුණු පූවරුවයි.
https://www.espncricinfo.com/series/icc-under-19-world-cup-warm-up-matches-2023-24-1413212/india-under-19s-vs-sri-lanka-under-19s-warm-up-1413254/full-scorecard

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan