යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවෙයි (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

යුරෝපා සංගම් තානාපති සහ යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයින් ඇතුළු පිරිසක් ඊයේ (ජනවාරි 18) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී තිබේ.

මෙම අවස්ථාව සඳහා යුරෝපා සංගමයේ තානාපති H.E. Carmen Moreno, යුරෝපා සංගමයේ මෙරට සහ මාලදිවයින් නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය ප්‍රධානී ලාර්ස් බ්‍රෙඩල් මහතා සහ යුරෝපා සංගමයේ ප්‍රධාන නිරීක්ෂකයකු ලෙස කටයුතු කරන Nacho Sanchez මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මෙහි දී දෙපාර්ශ්වය අතර සමාජ, ආර්ථික හා දේශපාලන කරුනු රැසක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු විය.

එසේම යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයන් විසින් 2024 ජනාධිපතිවරණයට අදාළව සිදු කරන ලද මැතිවරණ නිරීක්ෂණ වාර්තාව ද එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන ලදී.

මේ අවස්ථව සඳහා යුරෝපා සංගමය නියෝජනය කරමින් ප්‍රධාන නිරීක්ෂක මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුම Jose Ignacio Sanchez Amor, නියෝජ්‍ය ප්‍රධාන නිරීක්ෂක Inta Lase, නීති විශ්ලේෂක ඈන් මාල්බරෝ, දේශපාලන විශ්ලේෂක රැල්ෆ් මයිකල් පීටර්ස් යන මහත්වරු මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා ද සහභාගී වූයේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...