වාලච්චේනේ කඩදාසි මාළිගාව ….

Date:

වාලච්චේනේ කඩදාසි කම්මලේ ඇත්තේ එක්දාස් නමසීය බරගනන්වල ගෙනා පරණ නිශ්පාදන යන්ත්‍රවේ..

කාලයක් වසා දමා තිබූ කම්මල පසුගිය ආන්ඩුවේ වීරවංශ මහතා විසින් හෙණ අඬබෙරයක් ගසා නැවත විවෘත කළේය.

එසේම දැන් ඒවායින් කල හැක්කේ පරණ කඩදාසි ප්‍රතිචක්‍රියකරණය කර අලුත් කඩදාසි නිපදවීම පමණි .. අලුත් කීවාට ඒවාද අලුත්ද නොවේ.. හේතුව අලුත් යන්ත්‍රවලින් නිපදවන කඩදාසි තරම් මෙහි නිපදවන කඩදාසිවල නිමාව යහපත් නොවීමයි..

එසේම නව කඩදාසි නිපදවීමට කම්හලට අවශ්‍ය පරණ කඩදාසි සොයාගන්නේ කොළඹ පිහිටි රජයේ ආයතන වලිනි.. එහිදී විශාල ප්‍රවාහන වියදමක් දරා පරණ කඩදාසි වාලච්චේනට රැගෙන යයි..පසුව නිශ්පාදිත කඩදාසි නැවත විශාල වියඳමක් දරා නැවත කොළඹට රැගෙන එයි..

එසේම ඒවා අලෙවි කිරීමට වන්නේද රජයෙ ආයතන වලට පමණි .. හේතුව එහි ප්‍රාථමික නිමාව සහ අධික නිශ්පාදන වියඳම නිසා පිටතට අලෙවිකිරීමට බැරිකමයි..

පාඩුපිට ඇදගෙන යන මේ වගේ ජරමර කම්මල් අවශ්‍යවෙන්නේ රජය සතුව වාලච්චේනේ කඩදාසි කර්මාන්ත ශාලාවක් තිබේ යැයි පම්පෝරි ගැසීමට පමණි..

ආපහු මේක හඳුන්නෙත්ති විවෘත කලා කීවාම තමා දැනගත්තෙ ආපහු වැහිලා තිබිලා කියලා ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවසානය වැස්සෙන් සේදුණු විස්සයි විස්සේ දස්කම්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ග්‍රීන්,බ්ලූ සහ ග්‍රේ ලෙස කණ්ඩායම්...

පාස්කු ප්‍රහාරය : විමල් වීරවංශ CIDයට කැඳවයි !

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාව අද (15) පෙරවරුවේ අපරාධ...

වජිර අබේවර්ධනගෙන් FCIDය ප්‍රශ්න කරයි. වජිර මාධ්‍යටත් බැනගෙනම යයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍යවරයකු සහ එක්සත් ජාතික පක්ෂයේ...