ලෝක කුසලානයේ පළමු අර්ධ ශතකය දැහැමිගෙන්

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 19 ,(LNW)කොළඹ :

මෙවර අවුරුදු 19 න් පහළ ලෝක කුසලානයේ පළමු අර්ධ ශතකය වාර්තා කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ දැහැමි සෙනෙත්මා සමත් වුණා.නුගේගොඩ අනුලා විද්‍යාලයෙන් ශ්‍රී ලංකා අවුරුදු 19 පහළ කණ්ඩායමට පිවිසි දැහැමි,මෑත කාලයේ දී ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමේ සාර්ථකම පිතිකාරිණියක ලෙස නිතර ලකුණු අතර රැඳෙන්නියක වෙනවා.


මැලේසියාවට එරෙහිව මේ මොහොතේ පැවත්වෙන තරගයේදී දැහැමි පන්දු 48 න් සිය අර්ධ ශතකය සපුරන ලද අතර ඇය පන්දු 52 දී ලකුණු 54 ක් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එක් කරනු ලැබුවා.දැහැමි අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගයක ශ්‍රී ලංකාව වෙනුවෙන් අර්ධ ශතකයක් ලද තෙවැන්නිය වන අතර ඇයට පෙර විහ්මි ගුණරත්න සහ දෙව්මි විහංගා අර්ධ ශතක රැස් කරගෙන තිබෙනවා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩඩ්ලි සිරිසේනගේ නොපෙණුනු ආදරේ..

රෂිකා හෙන්නායක ''බංචි කෙල්ල නික්මිලා අදට දෑ අවුරුද්දයි…! බන්චිගෙයි මගෙයි...

වෙඩි තැබීමක් ව්‍යර්ථ වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : කළුතර මහ නගර...

තැපැල් ගාස්තුත් වැඩි කරයි !

තැපැල් ගාස්තු හෙට (09) සිට ඉහළ දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව...