ඉරාන උත්තරීතර නායකයාට එරෙහිව එල්ල කරන ඕනෑම ප්‍රහාරයක් සිය රටට එරෙහිව යුද ප්‍රකාශ කිරීමක් වනු ඇතැයි ඉරානය අනතුරු අඟවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිට එල්ල කරන ඕනෑම ප්‍රහාරයක් යුද්ධ ප්‍රකාශ කිරීමක් වනු ඇති බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සඳහන් කර තිබේ.

එක්සත් ජනපද ජනාධිපතිවරයා ඊයේ(18)දිනයේ පොලිටිකෝ සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාවකට අනුව, කමේනි ඔහුගේ වසර 40 කට ආසන්න පාලනය අවසන් කළ යුතු බවත්,ඔහු රෝගී මිනිසකු බවත්, ඔහු විසින් නිසි ලෙස පාලනය කළ යුතු සහ මිනිසුන් ඝාතනය කිරීම නැවැත්විය යුතු බවත් අවධාරණය කර තිබු අතර ඉරානයේ දෙසැම්බර් 28 වන දින ආරම්භ වූ නවතම නොසන්සුන්තා රැල්ල ඉහළ යන උද්ධමනය, කඩා වැටෙන මුදල් සහ ආර්ථික දුෂ්කරතා පිළිබඳ පුළුල් කෝපය ටෙහෙරානයෙන් සහ රට පුරා නගරවලට පැතිර ගිය අතර, ජීවන වියදම් පිළිබඳ විරෝධතා පාලන තන්ත්‍ර වෙනසක් ඉල්ලා සිටින පුළුල් රාජ්‍ය විරෝධී විරෝධතා වෙනුවෙන් සිය සහය ප්‍රකාශ කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබුණේ, මරණ දඬුවම නියම වූ පළමු ඉරාන විරෝධතාකරු වන 26 හැවිරිදි එර්ෆාන් සොල්ටානි ඇතුළු පුද්ගලයින් 800 දෙනෙකුගේ නියමිත මරණ දඬුවම අවලංගු කළ යුතු බවත්, රානය පාලනය කිරීමේ දැඩි අවශ්‍යතාවක් තමන්ට ඇතිවී ඇති බවයි.

ඊට ප්‍රතිචාර වශයෙන් ඉරාන ජනාධිපතිවරයා මෙලෙස ප්‍රතිචාර දක්වා තිබු අතර Xහි සඳහනක් එක් කරමින් ඔහු කියා තිබුණේ ඉරානයේ ශ්‍රේෂ්ඨ නායකයාට එල්ල කරන ලද ප්‍රහාරයක් ඉරාන ජාතිය සමඟ පූර්ණ පරිමාණ යුද්ධයකට සමාන වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෙන ඒමට නියමිත නව පනතක් ගැන ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා පැවසූ දේ…

රෂිකා හෙන්නායක ජනවාරි 19 , කොළඹ LNW : ත්‍රස්තවාදය වැළැක්වීමේ...

පකිස්තානය ඉදිරියේ ශ්‍රී ලංකාවට ෆුට්සාල් පරාජයක්

නිශ්මං රණසිංහ ජනවාරි 19, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...

අගමැති හරිනි ස්විස්ටර්ලන්තයට!

රෂිකා හෙන්නායක ජනවාරි 19 ,කොළඹ LNW : ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි...

කිසිවෙකුට කිසිවකින් දෙවැනි නොවුණු සාරංග LANKA RIDE කිරුළු පළදයි

නිශ්මං රණසිංහ ජනවාරි 19, කොළඹ LNW: වර්ෂ 2011 දී මාතරින්...