මහනුවර යළි පිබිදෙයි – ශ්‍රී ලයන්ස්ට තවත් පරාජයක්

නිශ්මං රණසිංහ ජනවාරි 19, කොළඹ LNW:

මහනුවර ක්‍රීඩා සමාජය ගෙවුණු සති කිහිපය තුළ සිය කීර්තියට සිඳු වී තිබූ හානියේ වාඩුව ගන්නට හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය අල්ලා ගත්තේය.ඒත් නිත්තවෙල පිටියේදීමය.ලකුණු 36 – 26 ක් ලෙස නිත්තවෙලදී මහනුවර ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් මහනුවර ක්‍රීඩා සමාජය උත්සාහක දිණුම් හයකින් සහ එහි ප්‍රවර්ථන තුනකින් ලකුණු රැස් කරන්නට සමත් විය.මහනුවර වෙනුවෙන් ඩිනාල් ඒකනායක උත්සාහක දිණුම් දෙකක්ම වාර්තා කරන්නට සමත් විය.ශ්‍රීනාත් සූරියබණ්ඩාර,හිරුෂ නෙත්මිණ,හේෂාන් ජෙන්සන් සහ තුවාන් ඩිල්ෂාන් ෆරීඩ් සෙසු උත්සාහක දිණුම්වල හිමිකරුවෝ වූහ.හිරුෂ සිය උත්සාහක දිණුම වගේම උත්සාහක දිණුම් තුනකම ප්‍රවර්ථනද සාර්ථක කරන්නට සමත් විය.


හැව්ලොක් ක්‍රීඩා සමාජය, උත්සාහක දිණුම් 4 කින් සහ එහි සාර්ථක ප්‍රවර්ථන තුනකින් සිය ලකුණු සටහන පොහොසත් කර ගත්තේය.අස්මිර් ෆජුඩීන් උත්සාහක දිණුම් දෙකක හිමිකරු විය.අමිතුන්නායි විසීයෝ ජූනියර්ට සහ ෆායිස් අබ්දුල්ලාට එක් උත්සාහක දිණුම බැඟින් හිමි විය.සැමුවෙල් මධුවන්ත එහි ප්‍රවර්ථන තුනක්ම සාර්ථක එල්ලයට යොමු කරන්නට සමත් විය.


ලකුණු 36 – 26 ක් වූ තරගය අඩක් ගෙවෙන තැන 19 -7 ක් ව තිබුණත් දෙවන භාගයේදී හැව්ලොක් ක්‍රීඩා සමාජය ලකුණු 17 ක් රැස් කරද්දී හැව්ලොක් ක්‍රීඩා සමාජය ලකුණු 19 ක් එක් කර ගනිමින් සටන්කාමී ලෙස තරගයට ප්‍රවිශ්ඨ විය.සීඑච් කණ්ඩායම සහ මහනුවර අතර තරගය අර්බූදකාරී තත්ත්වයකට ගෙන එමින් ලකුණු සමව නිම වුණත්,හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සීඑච් කණ්ඩායම පහසුවෙන් පරාජය කරමින් විශාල බලාපොරොත්තුවකින් නිත්තවෙලට ආව ද,මහනුවර සිය නේවාසික ක්‍රීඩාංගණයේදී හැව්ලොක් අභිබවා යමින් ලීග් තරගාවලියේ අවසාන තරගය සම්බන්ධයෙන් බලාපොරොත්තු තබා ගන්නට ඉඩ සකසා ගත්තේය.


මෙවර තරගාවලියේ විශාල පසුබැස්මක් පෙන්වන ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජයට ලොන්ඩන් පෙදෙසේදී දරුණු ප්‍රහාරයක් එල්ල කරන්නට සීඑච් ක්‍රීඩකයෝ සමත් වූහ.ලකුණු 59 – 12 ක් ලෙස තරගය ජයගත් සීඑච් ක්‍රීඩකයන් තරගයේ මුල් අර්ධය ගෙවෙන තැන ලකුණු 33 -7 ක් ලෙස පෙරමුණ ගෙන සිටියේය.ශ්‍රී ලයන්ස් මෙම තරගයේදී උත්සාහක දිණුම් දෙකකින් සහ එක් ප්‍රවර්ථනයකින් ලකුණු 12 රැස් කරගෙන සිටි අතර මොහොමඩ් නිෂ්රාන් සහ සචින් ගෝවින්ද එම උත්සාහක දිණුම් දෙකේ හිමිකරුවෝ වූහ.ඉන් එක් උත්සාහක දිණුමක ප්‍රවර්ථනය නඳුන් ගුණසේකර සාර්ථක ලෙස නිමා කරන්නට සමත් විය.


ජයග්‍රාහී සීඑච් කණ්ඩායමේ ලකුණු පූවරුවේ උත්සාහක දිණුම් 9 ක් දකින්නට ලැබිණ.එහි ප්‍රවර්ථන 7 ක් සාර්ථක ලෙස නිමා වී තිබිණ.එහි හතක්ම සාර්ථකව නිවැරදි එල්ලයේ පතිත කළේ සීඑච් හී අබ්දූල් හලීම් හාදි ය.මලික්ෂ පෙරේරා එක් ප්‍රවර්ථනයක් සාර්ථක කර ගත්තේය.
ගිම්හාන සිල්වා ශ්‍රී ලයන්ස් ආරක්ෂ පෙළ අභිබවමින් උත්සාහක දිණුම් තුනක්ම ලබා ගන්නට සමත් විය.දේශාන් විමුක්ති,ප්‍රසාත් මධුශංක,කොලිනියෝ යබීආ,ඔෂාන් ගුණරත්න,යසස් කවිඳු මුතුතන්ත්‍රිගේ සහ සබීත් මුෂින් සෙසු උත්සාහක දිණුම්ලාභියෝ වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...

පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්‍රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන...

මේ පොලිස්පතිටත් හිරේ යන්න වෙයිද ? – අධිකරණයට අපහාස කළැයි නඩු පැවරීමට ගම්පහ මහේස්ත්‍රාත් නියම කරයි !

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීම...

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...