ගෙන ඒමට නියමිත නව පනතක් ගැන ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා පැවසූ දේ…

රෂිකා හෙන්නායක ජනවාරි 19 , කොළඹ LNW :


ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර, ගෙන ඒමට නියමිත නව පනතේ කෙටුම්පත පිළිබද මහජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බව ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා පවසයි.

ඔහු පැවසුවේ, ගෙන ඒමට නියමිත එම නව පනතෙන් ඇතැම් ආයතනවල බලය තවදුරටත් වැඩිවීමට හැකියාවක් පවතින බවයි .

ඒ අනුව සැක සහිත පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඔහු ත්‍රස්තවාදියෙකු ලෙස නම් කර මාස දෙකක් රැදවුම් නියෝග ලබා ගැනීමට නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට යෝජිත පනත හරහා අවස්ථාව පවතින බවයි.

නමුත්, අදාළ පනත් කෙටුම්පතේ යම් සංශෝධන සිදුකිරීම සදහා යෝජනා ඇත්නම් එය ජනතාවට ඉදිරිපත් කළ හැකි බව, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසුවේ‍‍ය .

ඒ සදහා පෙබරවාරි 28 වනදා දක්වා ජනතාවට කාලය ලබාදී ඇති බවද අමාත්‍යවරයා පැවසූ අතර, අදාළ පනත් කෙටුම්පත මේ වනවිට අධිකරණ අමාත්‍යාංශයේ වෙඩි අඩවියේ ඇතුළත් වේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...

පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්‍රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන...