ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකියි

සිවිල් වැසියන් කිහිප දෙනෙකුට මරු කැඳවමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන සිවිල් වැසියන් සඳහා වූ පහසුකම්වලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකා රජය දැඩි ලෙස හෙළා දකියි.

විපතට පත් වූවන්ගේ පවුල්වලට, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනතාවට සහ රජයට ශ්‍රී ලංකාව සිය බලවත් ශෝකය පළ කර සිටියි.

ගෝලීය සාමයට සහ ආරක්ෂාවට හානි එල්ල වන ත්‍රස්තවාදී තර්ජනවලට එරෙහිව අඛණ්ඩව සුපරීක්ෂාකාරී වීමේ අවශ්‍යතාවය ශ්‍රී ලංකාව යළිදු අවධාරණය කර සිටියි.

විදේශ අමාත්‍යාංශය
කොළඹ
2022 ජනවාරි 18 වැනි දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...