ටොන්ගා සුනාමිය නිසා පෙරු වෙරළ තීරය වැනසෙයි!

Date:

මෙයට දින කිහිපයකට පෙර නවසීලන්තයට නුදුරු ටොන්ගා දූපතේ ඇති වූ භූමිකම්පාව සහ සුනාමිය හේතුවෙන් පෙරු රාජ්‍යයේ වෙරළ තීරය දැවැන්ත විනාශයකට මුහුණ පා ඇත.පෙරු රාජ්‍යය පිහිටා තිබෙන්නේ ඔෂනියා කලාපයේ ටොන්ගා කොදෙව්වට කිලෝමීටර 10,000 ක් පමණ ඈතිනි.

එසේ තිබියදීත් පෙරු රාජ්‍යයේ වෙරළ පරිසර පද්ධතිය මේ අන්දමින් විනාශ වීම පිටුපස විශාල කතාවක් ඇත.

විදෙස් වාර්තා පෙන්වා දෙන පරිදි, ටොන්ගා භූ චලනයෙන් සහ සුනාමියෙන් පසු රෙප්සොල් නමැති සමාගමේ La Pampilla තෙල් පිරිපහදු ඒකකයක් ආශ්‍රිතව මෙම තෙල් ඉහිරී යාම සිදුව ඇත. මෙම තෙල් පිරිපහදුව ස්පාඤ්ඤ‌යේ බහු ජාතික සමාගමකි.

පෙරු පරිසර ඇමති රැමීරෙස් පවසන්නේ, ටොන්ගා සුනාමිය නිසා හටගත් අසාමාන්‍ය මුහුදු රැළිවලට මුහුණ දුන් නෞකාවක් විසින් ලා පැම්පිලා තෙල් පිරිපහදුව වෙත මෙම බොරතෙල් තොගය මුදා හැර ඇති බවයි.

ඊයේ දිනයේ පෙරු රාජ්‍යයේ අපරාධ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ද ආරම්භ කළේය.

පෙරු රාජ්‍යයේ පරිසර අමාත්‍යවරයා කියා ඇත්තේ La Pampilla හට මෙයට හේතුව පහදා දෙන්නට දින 2 ක කාලයක් ලබා දී ඇති බවයි.

තවද වෙරළ තීරයට මුසු වී තිබෙන සියලුම අපද්‍රව්‍ය දින 10 ක් ඇතුළත ඉවත් කළ යුතු බවට ද ඔහු නියෝග කර තිබේ.

මෙම බොර තෙල් තට්ටු වෙරළ තීරයේ කිලෝමීටර 3 ක දුරක් පැතිරී ඇති අතර, සාගර පක්ෂීන් ඇතුළු විශාල ජෛව ස්කන්ධයක් එහි බලපෑමට ලක්ව විනාශ වී තිබේ.

අදාළ පාරිසරික විනාශයට වග කිව යුත්තේ අදාළ සමාගම බව සනාථ වුවහොත් ඇ.ඩො. මිලියන 33 ක දඩයක් ගැසීමට ද පෙරු රාජ්‍යය සූදානමින් සිටියි.

පෙරු රාජ්‍යයට සිදුව ඇති මේ පාරිසරික විනාශයට යුක්තිය ඉටු කර ගැනීමේ සටනේ පෙරමුණ ගෙන සිටින්නේ එරට පරිසර ඇමතිවරයා ය. බහුජාතික සමාගම් හෝ විදෙස් සමාගම් විසින් සිය රටට කරන පාරිසරික විනාශයන්ට මුනිවත රකින ල‌ෝකයේ බොහෝ පරිසර ඇමතිවරුන්ට වඩා, මේ අතින් පෙරු පරිසර ඇමතිට කශේරුවක් තිබේ.

AMALI JAYAWEERA OUTBOUND TODAY

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...