*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

රසායනික පොහොර භාවිතයෙන් තොර හරිත කෘෂි කර්මාන්තය

රසායනික පොහොර භාවිතයෙන් තොර හරිත කෘෂි කර්මාන්තය සම්බන්ධයෙන් ගත් ප්‍රතිපත්තිය හකුළා නොගත් බවටත් එය අභියෝග හමුවේ උවද ඉදිරි කාලයේ යතාර්ථයක් කරනා බවට ජනාධිපති තුමා ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

” වස විසෙන් තොර හරිත කෘෂිකර්මාන්තයක් සඳහා රජය ගත් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ දී යම් ගැටලුවලට මුහුණ දෙන්නට සිදු වුනා. අප රජය බලාපොරොත්තු වූ අරමුණ හා සැලැස්ම හරියාකාරව සන්නිවේදනය නොවීම නිසාත්, වැඩ පිළිවෙළ හඳුන්වා දීමේ දී ඇති වූ යම් යම් ප්‍රායෝගික ගැටලු දේශපාලනීකරණය වූ නිසාත් මේ සම්බන්ධයෙන් වැරදි වැටහීමක් ඇති වුනා. හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ වූ පුළුල් සංකල්පය සමහර විට වගකිවයුත්තන් විසින් පවා කාබනික පොහොර වලට ලඝු කොට තේරුම් ගැනීම නිසා වැරදි මතයන් ජනගත වීමට හේතුවක් වුනා. ඒ අනුව සමහර තීන්දු මහජන දුෂ්කරතාවන්ට හේතු වූ නිසා ඒවා සම්බන්ධයෙන් යම් වෙනස්කම් කරන්නට අපට සිදු වුනා” යැයි ජනාධිපති තුමා එහිදී ප්‍රකාශ කළේයඒ කෙසේ වෙතත්, හරිත කෘෂිකර්මාන්තයක් ඇති කිරීම සම්බන්ධයෙන් වූ රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් වී නැති බවටත්. ඒ නිසා සිදු වූ අඩුපාඩු නිවැරදි කරගෙන වඩා ඵලදායී ආකාරයකට මෙම ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යන්නට බලාපොරොත්තු වෙන බවටත් අවසාන ඉලක්කය වන්නේ කෘෂිකර්මාන්තයේ ඉහළ ඵලදායීතාව ලබා ගැනීම සඳහා නවීන තාක්ෂණය හඳුන්වා දීම හා ජෛව පොහොර භාවිතය ප්‍රවර්ධනය කොට වස විසෙන් තොර කෘෂි නිෂ්පාදනය සඳහා ජාත්‍යන්තර වෙළඳපොළක් නිර්මාණය කර ගැනීම බවත් ඒ හරහා කෘෂිකර්මාන්තයේ නියැලෙන හා ඒ අනුබද්ධිත සේවා සපයන ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි බවත් මෙමගින්, ලංකාවේ ඉදිරි ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට ශක්තිමත් දායකත්වයක් ලබා ගැනීමට රජය බලාපොරොත්තු වෙන බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

වත්මන් රජය පසුගිය වසර දෙක තුළම ගොවි ජනතාවට නොමිලේ පොහොර ලබා දුන්නේය.රජය වී වලට රුපියල් 50ක සහතික මිලක් නියම කළේය. රජයෙන් රුපියල් 50 ක් ගෙවන අවස්ථාවේ පුද්ගලික අංශයෙන් ඊටත් වඩා ඉහළ මිලක් ගොවියන්ට ගෙවන ලදී. සමහර විට රුපියල් 60 ට හෝ 70 වී කිලෝව විකුණා ගැනීම සඳහා අව්ස්ථාව ලද්දේ රජය වී සඳහා සහතික මිලක් නියම කිරීම නිසයි.නමුත් අද ගොවි ජනතාවගෙන් කොටසකට එය අමතක වී තිබීම කණගාටුවට කරුණක් වී ඇත.ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත් වූ පසු මුං ඇට, කව්පි, කහ, ඉඟුරු වැනි භෝග වර්ග 16ක් පිටරටින් ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නතර කළේය අද ගොවි ජනතාව ඒවායේ ප්‍රතිඵල භුක්ති විඳියි. තම කෘෂි නිෂ්පාදන සඳහා හොඳ මිලක් ලබා ගනියි . .

එලෙසම තේ, පොල්, රබර් වලටද පසුගිය කාලයේ සැලකිය යුතු මිලක් ලැබුණේය. එයට හේතු වූයේ රජය ගත් ප්‍රතිපත්තිමය තීන්දු තීරණයි.අප අද කහ වලින් ස්වයංපෝෂිත වී ඇත. ප්‍රති-අපනයනය නතර කරපු නිසා ගම්මිරිස්, කුරුඳු, පුවක් වැනි භෝග නිෂ්පාදකයන්ට හොඳ මිලක් ලැබී ඇත.. එලෙසම බුලත් වලටද අද හොඳ මිලක් ලැබී ඇත.එකළ එතනෝල් ආනයනය කිරීම සම්බන්ධව විශාල විරෝධයක් තිබුණි. වත්මන් රජය බලයට පත් වීමෙන් පසු එතනෝල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කළේය. ඒ හේතුවෙන් සීනි කම්හල් අද ලාභ ලබන අතර උක් ගොවියන්ටද හොඳ ආදායමක් ලැබෙයි.කිරි ගොවියන් සඳහාත් අද හොඳ වෙළඳපොළක් නිර්මාණය වී තිබේ ..

දේශීය කිරි නිෂ්පාදන ආයතනවල ලාභ වැඩි වී තිබේ.”2022 වසර අපට ආහාර සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් තීන්දු තීරණ රැසක් ගන්නට සිදුවන වසරක්. මේ අතර දේශීය නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවාලීම සඳහා කඩිනම් වැඩ පිළිවෙළක අවශ්‍යතාව තදින්ම මතු වෙනවා. රටේ වගා කළ හැකි සෑම ගොඩ මඩ ඉඩමක්ම ප්‍රයෝජනයට යොදා ගනිමින් අප සියලු දෙනාම එක් වී වගා සංග්‍රාමයක් ආරම්භ කළ යුතුව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය වාරි පහසුකම් සංවර්ධනය හා වැව් ප්‍රතිසංස්කරණ කටයුතු රාශියක් දැනටමත් ආරම්භ කොට තිබීම අපට ශක්තියක් වෙනවා.

පසුගිය කාලයේ බිත්ති පින්තාරු කරමින්, පුරන් කුඹුරු වගා කරමින් පෙරට ආ රටට ආදරය කරන තරුණ පරපුරේ සහායත් මේ සඳහා ලැබෙනු ඇතැයි මම විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා”. යැයි ජනාධිපති තුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

SL today Facebook

Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan