ජන වරම පළුදු නොකර පාස්කු ප්‍රහාරයේ සත්‍ය සොයන්න – සජිත් ආණ්ඩුවෙන් ඉල්ලයි (VIDEO)

පාස්කු ප්‍රහාරයත් සමඟ ජාතික ආරක්ෂාව ශක්තිමත් කරන බව පවසමින් බිහිකරගත් ආණ්ඩුවක් ලෙස ජන වරම පළුදු නොකර පාස්කු ප්‍රහාරයේ සත්‍ය සොයන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටියේය.

ඒ, පසුගියදා අත් බෝම්බයක් තිබී සොයා ගත් බොරැල්ලේ සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ අද (19) සංචාරයකට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතාද ඊට එක් විය.

එම ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉටු විය යුතු අතර අත් බෝම්බයක් හමුවීමේ සිදුවීම ගැනද විමර්ශන සිදුවිය යුතු බවයි ප්‍රේමදා මහතා පැවසුවේ.

එසේ නොවන්නේ නම් කාදිනල් හිමි ඇතුළු කතෝලික ප්‍රජාවගේ හිතේ තිබෙන සැකය තමන් තුළද පවතින බව හෙතෙම කියා සිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්‍ය ඒ....

දැන් කොළ හැලෙන කාලෙ !

සුළඟ දෙන හාදුවලටලැජ්ජාවට රත් පැහැ විනැයි සිතුවටනෑ! ඒ අන්තිම...

ජනපති අනුර හදිසියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ කතාව බොරුවක් – ජනාධිපති කාර්යාලය

සටහන - රුවන් නෙළුගොල්ල හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ජනාධිපති අනුර...