*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

රාජාසන කතාව

රටේ දේශපාලනය හා අනාගතය ගැන උනන්දුවක් දක්වන කාට වුව ඊයේ දිනය වැදගත් වනු ඇත. ඊට හේතුව නවවන පාර්ලිමේන්තුවේ දෙවන සැසි වාරය ආරම්භ කරමින් රජයේ ඉදිරි ආර්ථික සැලසුම ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරනු ලැබීමය. එය මේ වසරේ රජයේ ප්‍රතිපත්තිය හා සැලසුම ලෙස ද හැඳින්විය හැකිය.

ජනාධිපතිවරයාගේ කතාව කොටස් දෙකකින් යුතු යැයි එහි අන්තර්ගතය විමසන විට පැහැදිලි වෙයි. පළමු කොටසට අයත් වන්නේ පසුගිය වසර දෙක තුළ මුහුණ දුන් අභියෝග යැයි කිව හැකිය. දෙවන කොටසට අයත් වන්නේ එම අභියෝග ජය ගනිමින් රට ඉදිරියට ගෙන යන ආකාරය යැයි කිව හැකිය.ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ අපේක්ෂාව වන්නේ ඉදිරි වසර තුනක කාලය තුළ දකුණු ආසියාවේ වේගවත් ආර්ථික වර්ධනයක් සහිත රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පරිවර්තනය කිරීමය. ඒ සඳහා එකිනෙක ආර්ථික අංශ තුළ ඇති කළ යුතු වෙනස්කම් ගැන ජනාධිපතිවරයා පැහැදිලි කළේය. කෘෂිකර්මය, අපනයන ක්ෂේත්‍රය, සංචාරක කර්මාන්තය, උතුරු -නැ‍ඟෙනහිර සංවර්ධනය පමණක් නොව: රටට අවශ්‍ය නූතන අධ්‍යාපනය ගැනත් ජනාධිපතිවරයා විග්‍රහ කළේය. අපේ හරිත කෘෂිකර්මය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තිය කිසිවිටෙක වෙනස් නොකරන බව ද එහි අඩුපාඩු සකසාගෙන ඉලක්ක කරා ගෙනයන බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය. දේශීය ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කරමින් මහජන සෞඛ්‍ය සුරක්ෂිත කළ හැකි එකම ක්‍රමය එය බව ද ජනාධිපතිවරයා විශ්වාස කරයි.ගිය වසර දෙක තුළ අපනයන ක්ෂේත්‍රය මෙන්ම සංචාරක කර්මාන්තය ද විශාල පසුබෑමකට ලක් වී තිබුණ ද දැන් ඒවා ක්‍රමයෙන් වර්ධනය වන්නට පටන්ගෙන තිබේ. ඉන් පැහැදිලි වන්නේ රජය ගත් ක්‍රියාමාර්ගවල සාර්ථකත්වයයි.

රජය ආහාර භෝග වර්ග දහසයක් රටින් ගෙන්වීම තහනම් කළේය. කහ ගෙන්වීම තහනම් කළ නිසා කහවලින් ස්වයංපෝෂිත වීමට ශ්‍රී ලංකාවට හැකි විය. අද වන විට කහවල හිඟයක් නැත. කහ වගාකරුවා හොඳ ආදායමක් ද ලබා ගනී. එතනෝල් ගෙන්වීම තහනම් කළ අතර, ඒ නිසා සීනි කම්හල් ලාභ ලබන්නට පටන් ගත්තේය. කොවිඩ් සමය තුළ ද විශේෂ ආරක්ෂක ක්‍රම භාවිත කරමින් විදේශ සංචාරකයන් රටට ගෙන්වා ගැනීමට රජය සමත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස හෝටල් කර්මාන්තයට උත්තේජකයක් ලැබිණි. අද වන විට සංචාරක කර්මාන්තය සෙමෙන් වර්ධනය වෙයි.ජනාධිපතිවරයා පෙන්වා දෙන අන්දමට ඉදිරි කාලය වැඩ කරන හා ප්‍රතිඵල නෙළා ගන්නා කාලයකි. ඒ සඳහා කිසිදු භේදයකින් තොරව අත්වැල් බැඳ ගැනීම සිදු විය යුතු යැයි රාජ්‍ය නායකයා පෙන්වා දුන්නේය.

දේශපාලන මතය හා පක්ෂය කුමක් වුව සෑම මන්ත්‍රීවරයකුටම රට වෙනුවෙන් වැඩ කිරීමේ වගකීමක් තිබේ. කිසිදු මහජන නියෝජිතයකුට එම වගකීමෙන් බැහැර විය නොහැකිය. ජනාධිපතිවරයාගේ ඉල්ලීම වූයේ එන්න; අපි එකට වැඩ කරමු! යන්නය. එය රටේ සියලුම පුරවැසියන්ට උත්තේජකයක් විය යුතුය.

ඇත්ත Facebook

Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan