දිවිනැගුම චෝදනාවලට බැසිල් වැරදිකරුද නිවැරදිකරුද? තීන්දුව පෙබරවාරි පළමුවැනිදා

0
1024

දිවිනැගුම අරමුදලේ මුදල් අවභාවිතා කර ඇති බවට චෝදනා මත අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර ඇති මහාධිකරණ නඩුවේ සාක්ෂි විභාගය අවසන් කර තිබෙනවා.

අද (19) මෙම නඩුව කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා හමුවේ කැඳවා තිබිණි. විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවාදායකයන් නිදොස් කොට නිදහස් කරන ලෙසයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා නඩුවේ සාක්ෂි කැඳවීම අදින් අවසන් කිරීමට තීරණය කළ අතර නඩුවේ තීන්දුව ලබාදීම පෙබරවාරි පළමුවැනිදා දක්වා කල්තැබීමටද තීරණය කළේය.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here