*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

අනාගත ජනාධිපතිව මට්ටු කළේ පිටට තට්ටුවක් දාලා …. !

ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ සාමාජිකයින් දැඩි අපහසුතාවට පත්කෙරෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වෙමින් තිබේ.

ඒ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවෙන් පිටව යන අතරේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාගේ පිටට තට්ටුවක් දමන දර්ශනයක් අඩංගු වීඩියෝවකි.

ඊයේ (18) දිනයේදී නව පාර්ලිමේන්තු සභාවාරය විවෘත කරමින් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ රාජාසන කතාව දැඩි ලෙස විවේචනය කරමින් අනුර දිසානායක මහතා මාධ්‍ය වෙත වොයිස් කට් එකක් දෙමින් සිටින අතරේ පසුපස දොරටුවකින් පැමිණි බැසිල් රාජපක්ෂ මහතා එතැන පසුකර යන අතරේ අනුර දිසානායක මහතාගේ පිටට තට්ටුවක් දමයි. අනුර දිසානායක මහතා ද සිය දැඩි විවේචනාත්මක වොයිස් කට් එක අතරේම බැසිල් රාජපක්ෂ මහතාට ලොකු සිනහවක් දෑසින් යොමු කරයි. වීඩියෝව එසේය.

දැන් ජවිපෙ සහ ජාජබ සාමාජිකයින් සහ හිතවතුන් මෙකී සිනහව සාධාරණීකරණය කිරීම සඳහා ෆේස්බුක් පිටු පුරා රචනා ලියමින් සිටිති.

ඇත්තෙන්ම මන්ත්‍රීවරයෙකු තවත් මන්ත්‍රීවරයෙකුට සුහදතාවය පෑම කිසිසේත්ම ගැටළුවක් නොවේ. නමුත් ජවිපෙ මෙතෙක් කලක් මෙවන් සුහදතා සම්බන්ධයෙන් සෙසු පක්ෂවල මන්ත්‍රීවරුන්ට කරන ලද චෝදනා සහ ”උනුත් එකයි – මුනුත් එකයි” කතාව මේ එකම තට්ටුව නිසා ආපිට හැරී තිබේ. එය, මේ තට්ටුවට සිනහවන්නන්ගේ ප්‍රශ්නයක් නොව ජවිපෙ ව්‍යාජ වශයෙන් උත්කර්ෂයට නැංවූ අති පාරිශුද්ධත්වය පිළිබඳ ප්‍රශ්නයකි. බැසිල් මේ තට්ටුව දැම්මේ වෙනත් පක්ෂයක මන්ත්‍රීවරයෙකුට නම් එහිදී ජවිපෙ මේ ගැන අනිවාර්යයෙන්ම කියන කතාව පිළිබඳ ප්‍රශ්නයකි.

ජවිපෙ පසුගිය මාසයක පමණ කාලයක සිට හැසිරුණේ 2024 ජනාධිපතිවරණයෙන් දැනටමත් ජයග්‍රහණය කර සිටින ආකාරයෙනි. විශේෂයෙන් ජවිපෙ සාමාජිකයින් සමාජ මාධ්‍ය ජාල තුළ හැසිරුණු ආකාරයට අනුව නම් ඉතිරි වී තිබුණේ අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයෙහි දිවුරුම් දීමට පමණි. ඔවුන්ගෙන් ඇතැමෙකු පැවසූ ආකාරයට මීට සති දෙකකට පමණ පෙර ජවිපෙට 42%ක ඡන්ද ප්‍රතිශතයක් තිබුණු බැවින් සහ එය දිනපතා සීඝ්රයෙන් ඉහළ ගිය බැවින් ඊයේ උදෑසන වනවිට එය 75% ඉක්මවා තිබුණා විය යුතුය.

එහෙත් බැසිල්ගේ එකම එක තට්ටුවෙන් පසුව එය නැවතත් 3% ට වැටී තිබේ. තවත් වතාවක තට්ටුවක් වැටුණොත් 3%ත් විශ්වාස නැති තත්වයක් ද උද්ගත වන්නට බැරි නැත …

ජවිපෙ හැමවිටම පාරම්බාමින් සිටියේ තමන්ගේ පක්ෂයේ නායකයින් සියල්ලම පාහේ විශ්වවිද්‍යාල උපාධිධාරී මහා උගතුන් බවත් බැසිල්ට එවැනි උපාධියක් නොමැති බැවින් ඔහු කිසිදු රජයේ තනතුරකට නුසුදුසු බවත්ය. එසේම බැසිල්, මහින්දගේ සහෝදරයා වීම මත දේශපාලනයට පැමිණියා විනා ජවිපෙ නායකයින්ට මෙන් දේශපාලනය පිළිබඳ දැනුමක් හෝ පළපුරුද්දක් නොමැති බවත්ය. මීට අමතරව ඔවුන් නිරන්තරයෙන් පැවසුවේ බැසිල් කළ කිසිදෙයක් හරිගියේ නැති බව ය.

කෙසේවෙතත් ඊයේ දිනයේ තත්වය අනුව නම් ඔය කී සියලු සුදුසුකම් සහිත අනුර දිසානායක බැසිල්ගේ එක තට්ටුවෙන් මට්ටු වී තිබේ. රුපියල් කෝටි ගණනක මුදල් සහ පාක්ෂිකයින්ගේ ශ්‍රමය අතිවිශාල වශයෙන් වැය කරමින් වසර තුනකට පෙරම ආරම්භ කරන ලද අනුර දිසානායක මහතාගේ ජනාධිපතිවරණ කැම්පේන් එකත් වතුරේ ගොස් තිබේ. නියම වේලාවේදී නියම ස්ථානයේදී දැමූ එකම එක තට්ටුව හරියටම හරි ගොස් තිබේ.

වඩාත් සරලව කිවහොත් මුහුද හත්ගව්වක් තිබියදී අමුඩ ගසාගෙන සිටි අනාගත ජනාධිපතිවරයාව බැසිල් මට්ටු කළේ එක තට්ටුවකිනි.

මීට ප්‍රතිචාර වශයෙන් ”එහෙම නැත්නම් ගහගන්නදැයි කියන්නේ ?” කියා අපෙන් අසන අයට අපට කීමට ඇත්තේ එකී ගහමරා ගන්නා දේශපාලනය දේශනා කළේ අප විසින් නොව අනුරලා විසින්ම බව යි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan