මාස පහකට ඇතිවෙන්න චීනයෙන් නොමිලේ සහල් !

Date:

ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10 ක් ලබාදීමට චීන රජය තීරණය කර තිබෙනවා. මෙම සහල් තොගය නොමිලේ ලැබෙනු ඇති බවයි වාර්තා වන්නේ.

මෙරට චීන තානාපතිවරයා විසින් මේ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට දැනුම් දී තිබෙන අතර ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් මුදල් ඇමතිවරයා කැබිනට් මණ්ඩලය දැනුවත් කර තිබේ.

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සිදුකළ ඉල්ලීමක් අනුව මෙම සහල් තොගය ලබාදීමට චීනය තීරණය කර තිබෙන්නේ චීන-ශ්‍රී ලංකා රබර්-සහල් වෙළඳ ගිවිසුමට වසර 70 ක් සම්පූර්ණවීම නිමිත්තෙනි.

මෙම සහල් තොගය මාස 05 ක සහල් පරිභෝජනය සම්පූර්ණ කිරීම සඳහා ප්‍රමාණවත් වනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...