Sunday, December 3, 2023
spot_img

Latest Posts

පාස්කු චෝදනාවලින් හිටපු ආරක්ෂක ලේකම් නිදහස් වෙයිද? තීන්දුව ලබන 18

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැරහැරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොණුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අද (19) අවසන් කළේය.

එම චෝදනාවලින් හිටපු ආරක්ෂක ලේකම්වරයා නිදහස් කරන්නේද? විත්ති වාචකය කැඳවන්නේ ද? යන නියෝගය ලබන මස 18 වනදා ප්‍රකාශයට පත්කරන බවයි කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේ.

එම නඩුව අද (19) නාමල් බළල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුණි.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා අධිකරණයට දන්වා සිටියේ පැමිණිල්ලේ සාක්ෂි කැඳවීම අවසන් කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.