Friday, March 31, 2023
spot_img

Latest Posts

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට පවරාදීමට එරෙහි ජවිපෙ විරෝධතාව! (PHOTOS)

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට පවරාදීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් මරදාන ටෙක්නිකල් හන්දියේ සිට කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දක්වා විරෝධතා පාගමනක් අද (19) සංවිධානය කර තිබුණි.

පස්වරු 03.30 ට පමණ එම විරෝධතා පා ගමන ආරම්භ වූ අතර ටෙක්නිකල් හන්දියේ සිට කොළඹ කොටුව දක්වා තිබුණේ දැඩි මාර්ග තදබදයක්.

විරෝධතා පාගමන කොටුව බෝ ගස අසලට පැමිණෙන විට බිත්තර ප්‍රහාරයක් එල්ල වුණු අතර විරෝධතාකරුවන් ඒ අසල වෙළෙඳසල් අසලට ගොස් උණුසුම් කතා බහක් ඇති විය.

මේ පාගමනට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක,ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා,සුනිල් හදුන්නෙත්ති වසන්ත සමරසිංහ,පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය,ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල ඇතුළු ජවිපෙ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයින් සහභාගී වී සිටියේය.

විරෝධතා පාගමන කොටුව දුම්රිය ඉදිරිපිටට පැමිණීමෙන් අනතුරුව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා සහ ටිල්වින් සිල්වා ඇතුළු පිරිස විසින් ජනතාව අමතනු ලැබීය.

ජායාරූප: අජිත් සෙනෙවිරත්න

සියලුම ජායාරූප නැරඹීම සඳහා පිවිසෙන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.