ආර්ථික දුෂ්කරතා ඇති පවුල් 70,000කට ෆොන්ටේරා සමාගමෙන් මිලියන 174ක කිරිපිටි

Date:

ආර්ථික දුෂ්කරතා ඇති පවුල් 70,000 ක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන ලද ‘ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සඳහා වූ ජාතික ඒකාබද්ධ යාන්ත්‍රණ වැඩසටහනට’ රුපියල් මිලියන 174 ක් වටිනා කිරිපිටි ලබාදීමට ෆොන්ටෙරා සමාගම පියවර ගෙන තිබේ.

එම කිරිපිටි තොගය නිල වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාරදීම ෆොන්ටේරා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජුඩිත් ස්වොල්ස් මහත්මිය විසින් ජනාධිපති කාර්යාලයේදී පසුගියදා (17) සිදු කෙරිණි.

රට පුරා සිටින ආර්ථික දුෂ්කරතාවයෙන් පෙළෙන හඳුනාගත් පවුල් 70,000ක් වෙත දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා මෙම කිරිපිටි ලබා දීමට නියමිතය.

එම අවස්ථාවට එක් වූ ජාතික ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති කමිටුවේ සභාපති සහ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ මහතා ප්‍රකාශ කළේ, රජයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහනේ දැක්ම වනුයේ සෑම පුරවැසියෙකුටම අවශ්‍ය පෝෂණය ලැබීම සහතික කිරීම බවයි. එහි මූලික පියවරෙහි අරමුණු වඩාත් අවදානමට ලක් වූ පවුල්වල පෝෂණ අවශ්‍යතාවයන් සැපිරීමට සහාය දීම බවත් ඒ සඳහා උපකාර කිරීමට ඉදිරිපත් වීම ගැන ෆොන්ටෙරා සමාගමට ස්තූති වන බවත් ඒ මහතා පැවසීය.

නිවැරදි දේ කිරීමට කැපවී සිටින වගකිවයුතු ආයතනයක් ලෙස, ෆොන්ටෙරා සමාගම ශ්‍රී ලාංකිකයින්ට උසස් තත්ත්වයේ කිරි පෝෂණය සැපයීමට උපරිමයෙන් කටයුතු කරයි. මෙම සත්කාර්ය, සමාගම පසුගිය වසර 40 තුළ ආරම්භ කර ඇති ප්‍රජා සේවයේ දිගුවකි.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික අරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් (Michael Appleton), ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ෆොන්ටේරා සමාගමේ ශ්‍රී ලංකා ශාඛාවේ කළමනාකරණ අධ්‍යක්ෂ විද්‍යා සිවරාජා, ෆොන්ටේරා සමාගමේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන විධායක නිලධාරි ජුඩිත් ස්වාලෙස් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...