ප්‍රජාතන්ත්‍රවාදයට වල කපන ආණ්ඩුවේ ප්‍රෝඩාවට එරෙහිව ඉදිරියට එනවා – විපක්ෂ නායක (VIDEO)

Date:

ඊයේ (18) සවස පාර්ලිමේන්තුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී විපක්ෂයේ දැඩි විරෝධය නොතකා මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙන ඒමට ආණ්ඩු පක්ෂය තීන්දු කර ඇති අතර, මේ අත්තනෝමතික තීන්දුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම වෙනුවෙන් සමගි ජන බලවේගය පෙරට එන බවත්, ඊට නායකත්වය දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පෙරේදා දිනයේදී අධිකරණ අමාත්‍යවරයා මෙය මසකින් දීර්ඝ කිරීමට තීන්දු කොට තිබියදීත්, එය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව කටයුතු යොදා ඇතැයි ද විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

මේ හරහා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මෙන්ම ස්වෛරිත්වයද උල්ලංඝනය කිරීමට ආණ්ඩුව කටයුතු යොදා ඇති බවත්, ඡන්දය නොපවත්වා කල්තැබීමට ආණ්ඩුව විසින් ගනු ලබන අන්තනෝමතික කටයුතුවල තවත් දිගුවක් ලෙස හැඳින්විය හැකි බවත් ඒ මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...

සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...