මේ මැතිවරණයේ නියත ජයග්‍රහණය මාලිමාව සතුයි. ඒ ගැන කිසිදු සැකයක් නෑ – ටිල්වින්

Date:

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජනතාව සූදානමින් සිටින්නේ ජාතික ජන බලවේගයට ඡන්දය ප්‍රකාශ කිරීමට බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

“අපිට ලොකු විශ්වාශයක් තිබෙනවා මේ පාර පුංචි ඡන්දයේ අපි ලොකූ ජයග්‍රහණයක් ගන්න පුළුවන්කම තිබෙනවා කියලා. මොකද රට තුළ ජනතාවගේ විශාල පිබිදීමක් තිබෙනවා. හැමතැනම කතාකරමින් ඉන්නවා මේ පාර අපි කවුරුත් ජාතික ජන බලවේගයත් එක්ක එකතුවෙන්න ඕනෑ කියලා. ඒ නිසා මේ පළාත් පාලන මැතිවරණයේ නියත ජයග්‍රහණය ජාතික ජන බලවේගය සතු වෙනවා කියන එක අපිට කිසිදු සැකයක් නැහැ.

පළවෙනි වටයෙන්ම ආණ්ඩුව දැන් පැරදිලා. පහුගිය කාලේ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව දිගටම උත්සාහ කළා මේ මැතිවරණය පවත්වන එක වලක්වන්න. ඒ නිසා ඡන්දය පැවැත්වීම වලක්වන්න ගත්ත උත්සාහය පරාජයට පත්වෙලා ජනතාවට ඡන්දය ඇවිත් තියෙනවා. ඒක ජයග්‍රහණයක්.

අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේක පුංචි ඡන්දය කොට සලකන්න එපා. මේක ගමේ බෝක්කුව, පාලම හදාගන්න ඡන්දය විතරක් කරගන්න එපා. අපි ඒකත් කරගන්න ඕනෑ. නමුත් මේක රට වෙනස් කරන ඡන්දයක් කරගන්න ඕනෑ. අපේ රටට විශාල පරිවර්තනයක් අවශ්‍යයි. රටේ දේශපාලනය වෙනස් වෙන්න ඕනෑ. රටට අලුත් ආණ්ඩුවක් ඕනෑ. අපේ රටේ ජනතාව පහුගිය කාලයක් තිස්සේම පාරට බැහැල අරගල කළේ වෙනසක් වෙනුවෙන්. සමාජ පරිවර්තනයක් වෙනුවෙන්. ඉතිං අපි හිතනවා ඒ වෙනස කරන්න පටන්ගන්න පුළුවන් මේ ඡන්දෙන්.

ඒ නිසා අපි ගම දිනලා, ගමෙන් පටන් අරගෙන රට දිනලා රට වෙනස් කිරීමේ අරගලයට යා යුතුව තිබෙනවා. ඒකට මේ ඡන්දය ඉතාමත් හොඳ අවස්ථාවක්. ඒ නිසා අපි මේ ඡන්දයෙන් ගම ජයග්‍රහණය කරමු. ඉන් පසු රට ජයග්‍රහණය කරලා, මේ රටට වඩා හොඳ සමාජයක් නිර්මාණය කිරීමේ කාර්යයට අතගහන්න පුළුවන්. ඒ වෙනුවෙන් මේ මොහොතේ ජාතික ජන බලවේගයේ මාලිමාව සමග එකතුවෙන්න කියලා අපි අපේ රටේ සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා”

ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (18) පැවති ජාතික ජන බලවේගයේ රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිස්ටම් චේන්ජ් කියන්නේ අධිකරණ තීන්දු දේශපාලන යූටියුබ්කරුවන් පූර්වයෙන් ප්‍රකාශයට පත් කිරීමද ? – සජිත් ප්‍රශ්න කරයි

සටහන - රුවන් නෙළුගොල්ල යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමය, නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක...

අද ඇරඹීමට ගිය වෛද්‍ය වැඩවර්ජනය අත්හිටුවයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (25) පෙරවරු 08.00 සිට...

ඇමති වසන්තගේ හොර ඔප්පු නඩුව – අසම්පූර්ණ ලිපිගොනු නීතිපතිට යැව්වේ ඇයිදැයි මහේස්ත්‍රාත්වරිය පොලීසියෙන් ප්‍රශ්න කරයි !

නැෂනල් වර්කර්ස් ඉන්ස්ටිටියුට් ආයතනය සතු දෙමහල් ගොඩනැගිල්ලක් ව්‍යාජ ඔප්පුවක්...

එක්සත් ජනපදය විසින් සපයන ලද දිගු දුර මිසයිල රුසියාවට එරෙහිව භාවිතා නොකළ යුතු බවට පෙන්ටගනය නිවේදනය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 24: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ ඉලක්ක වෙත...