පවතින තත්ත්වය හමුවේ ඉන්ධන කෝටාව වැඩි කිරීමට හැකියාවක් නෑ – තෙල් සංස්ථාව

Date:

පවතින තත්ත්වය හමුවේ ඉන්ධන කෝටාව වැඩි කිරීමට හැකියාවක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සභාපති මොහොමඩ් උවයිස් මොහොමඩ් මහතා පැවසීය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා මේ බව පවසා සිටියේ මැතිවරණ කොමිෂන් සභාව සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

? “මේ සාකච්ඡාවේදී ඒ අය ඉල්ලීම් කළා ඉන්ධන කෝටාව වැඩිකිරීමට. ඒකේදී අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ මොහොතේදී ඉන්ධන මිලදී ගැනීමට අපිට ඩොලර් අවශ්‍ය වෙනවා. ඩොලර් මිලදී ගැනීමට ලංකාවේ මුදල් අවශ්‍ය වෙනවා. අපිට මේ මොහොතේ අවශ්‍ය රුපියල් ටික නැහැ මීට වඩා තෙල් මිලදීගැනීම සඳහා. ඒ හින්දා අපි ඉතාමත් පැහැදිළිවම ඒ ගැන දැනුවත්කළා.”

අපේක්ෂකයින්ගේ ඉන්ධන කෝටාව වැඩිකිරීමේ සූදානමක් තියෙනවාද ?

? “එහෙම ඉල්ලීම් තියෙනවා නමුත් ඒ ගැන අපි තීරණයක් අරගෙන නැහැ. ශ්‍රී ලංකාවේ තෙල් ඉල්ලීම 40%කින් විතර පහළ බැහැලා තියෙනවා. ඒ ඉල්ලීමට සරිලන මුදල් තමයි අපි සපයා ගන්නේ. නැවත මේක වැඩිකරනවානම් රුපියල් අවශ්‍ය වෙනවා. ඒ හින්දා මම බලාපොරොත්තු වෙනවා මේ ප්‍රායෝගික ප්‍රශ්න ටික තේරුම් ගනියි කියලා”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපුර රෝහලෙන් CID යට පැමිණිල්ලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW : තම කීර්ති...

අත්‍යාවශ්‍ය ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය සැපයීම් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW : රාජ්‍ය ඖෂධ නිෂ්පාදන...

ආපදාවට පත් දරුවන්ට පාසල් උපකරණ වෙනුවෙන් දෙන දීමනාව ජනවාරි 05ට පෙර!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් පාසල්...

වතුකරයේ පාසල් ගුරුවරුන්ට සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30 , කොළඹ LNW : වතු ආශ්‍රිතව...