සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 19 කොළඹ (LNW): කලෙකට පසුව ජාතික සූරතාවය පැවත්වීමට සමත් වූ ශ්‍රී ලංකා බේස්බෝල් එහි අවසාන පූර්ව තරග ජනවාරි 20 වන දා සහ අවසාන තරගය ජනවාරි 21 වන දා පැවත්වෙන බව දන්වා ඇත.තරග පැවත්වෙන්නේ දියගම ජාත්‍යන්තර බේස්බෝල් පිටියේදී ය.බොහෝ දකුණු ආසියාතික රටවලට පෙර ජපානයේ ආධාර ද සමඟ ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත ජාත්‍යන්තර පිටිය සමඟ ශ්‍රී ලංකාවේ බේස්බෝල් එම පිටිය පැමිණි තරම් ක්‍රියාශිලීව ජාත්‍යන්තරයට ගියේ නැත.ඇත්ත එබඳුය.එය පිළිගෙන වේගය සහ වේගයේ අර්ථය නිවැරදි දිශාවකට යොමු කිරිමේ උවමනාව සහිතව ආරම්භ කරන ලද මෙවර ජාතික සූරතාවලියේ අවසාන පූර්ව තරග සඳහා ත්‍රිවිධ හමුදාවම පෙළ ගැසී සිටීම යහපත් දසුනක්ය.
එය යහපත් දසුනක් වන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව සඳහා පෞද්ගලික අංශය මැදිහත්වීම සහ එහි අනුග්‍රහයෙන් ක්‍රීඩා සමාජ නිර්මාණය වීම සිඳුවන්නේ ඉතා අඩුවෙන්ය.තරගාවලි අනුග්‍රහයට පැමිණිය ද ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවන් පෞද්ගලික අංශවල ආකර්ශණයට හේතු නොවන්නට ලංකාවේ ක්‍රීඩා පරිපාලනයන්ගේ අවුල් සහගත තත්ත්වයන් ද බලපාන බව පැහැදිළිය.වසර ගණනකට පසුව මේ තරගාවලිය ක්‍රියාත්මක වන්නේ කොරෝනාවට පමණක් වැසී ගිය තරගාවලියක් ලෙස නොවන්නේය.එයට ද පරිපාලනයට කැඳ වූ ඇතැම් පුද්ගලයන් සම්බන්ධයෙන් තිබූ විශ්වාසයන් බිදී යන ආකාරයෙන් හැසිරිම් ද බලපාන්නේය.
එවැනි තත්ත්වයක අසංග සෙනවිරත්නගේ සභාපතිත්වය යටතේ ද,නව විධායක නිලධාරියා ලෙස සපැමිණි බේස්බෝල් වෙත අලුත් පාරක් අවශ්‍යය බවට තර්ක කරමින් සිටි තීක්ෂණ ගම්මන්පිලගේ ද දායකත්වය මේ තරගාවලියට වැදගත් වූ අතර ඉදිරයේ දී ත්‍රිවිධ හමුදාව පමණක් නොව බේස්බෝල් සම්බන්ධයෙන් විශ්වාසය තිබා නව ක්‍රීඩා සමාජ මේ තරගාවලියට ඇතුල්වීමේ ආරම්භයක් බවට ද මේ තරගාවලිය පත්වෙන්නට අපි සුබ පැතුම් එක් කරන්නෙමු.
ත්‍රීවිධ හමුදා කණ්ඩායම් මේ තරගාවලියේ අවසාන පූර්ව තරග සඳහා පිවිසෙද්දී සිවිල් සමාජයේ පොදි ගැසුණු කණ්ඩායම් අතරින් අවසන් පූර්ව තරගයට පිවිස ඇත්තේ ජාතික සූරතාවය සම්බන්ධයෙන් හිමිකම් කියූ කණ්ඩායමක් වන කොළඹ රාජකීය විද්‍යාලීය ආදි ශිෂ්‍යන්ගෙන් සුසැදි රෝයල් බ්ලූ කණ්ඩායමය.මේ තරගාවලියට මේ කණ්ඩායම හතරත් සමඟ කණ්ඩායම් 19 ක් එක්ව සිටි අතර දක්ෂයන් සිය ක්‍රිඩාවේ පැවත්ම සඳහා වන වෘත්තීමය දායකත්වය නිසා ත්‍රිවිධ හමුදා කණ්ඩායම්වලට එක්වීම නිසා ප්‍රාදේශීය වශයෙන් පිබිදෙමින් තිබුණු කණ්ඩායම්වල යම් පසුබැසීමක් පෙනෙන්නට තිබිණ.ඊට හේතුව ත්‍රිවිධ හමුදාවන්ට එක්වීමම නොවන අතර පෙළින් පෙළට දක්ෂයන් එක් කර ගැනීමට සහ ක්‍රීඩාව ඉහළ මට්ටමෙන් පවත්වාගෙන යාමට ගම්වල ඇති භෞතික අපහසුකම්ය.මේ පිළිබඳවත් වෙනම මානයකින් භාහිර පාර්ශව සමඟ සාකච්ඡා කරමින් ජාතික වැඩ පිලිවෙලක් සකස් කිරීම ජාතික තරගාවලිය පැවත්වීම තරම්ම ශ්‍රී ලංකා බේස්බෝල් සතු වගකීමක්ය.
කෙසේ හෝ ආසියාතික මට්ටමෙන් ගත් විය ලෝකයේ ඉහළම කණ්ඩායම් සිටින රටවල් සහිතව දකුණු ආසියාව ජය ගැනීමට හැකි මට්ටමේ ක්‍රීඩාවක් ශ්‍රී ලංකාවට ලැබීමට වරින්වර ජපානය සහ දකුණු කොරියාව එක්ව කළ සත්කාරද අමතක කළ නොහැකි තරම්ය.ඒ සම්බන්ධතා අලුත් මානයකින් ඇති කර ගැනීම සහ සවිමත් කර ගැනීමට මේ තරගාවලිය පිටුවහලක් කර ගැනීමට ද කල්පනා කළ යුතුය.ඒ නිසා දියගම පිටියේ පැවත්වෙන්නේ ජාතික සූරතාවලියක අවසන් පූර්ව තරග සහ අවසන් තරග පමණක් නොවී,එය ජාතික වශයෙන් වඩාත් පළල් තැනකට බේස්බෝල් ක්‍රීඩාව රැඟෙන යන වැඩ සැළසුමක ඇරඹුමත් වේවා යන්න අපේ පැතුමය.
රට ලෝකයට රැඟෙන යාමට පහසු ක්‍රිඩාවක් වීමේ හැකියාව පිළිබඳ විශ්වාසයෙන් පළමු පියවරේදී දකුණු ආසියාවේ සූරයින් ලෙස ස්ථාවරවීමට මෙන්ම දකුණු ආසියානු තරගාවලියට ක්‍රීඩා ඉසව්වක් ලෙස බේස්බෝල් ගෙන ඒමටත් ඔලිමිපික් ක්‍රීඩාවක් වන බේස්බෝල් ක්‍රීඩාවට පදනම වැටෙන තැනකට ලංකාවේ බේස්බෝල්වල දිශානකිය වෙනස් වෙන තරගාවලියක් වේවා යන්නත් අපේ පැතුම් අතර ඉහළින්ම වන්නේය.
ලංකාවේ බොහෝ ක්‍රීඩාවන් මේ මොහොත වන විට ජාත්‍යන්තරයට පිවිසීමට අවශ්‍යය වෘත්තීය පදනම ඇති ක්‍රීඩකයින් සොයමින් සිටින අතර බේස්බෝල් ක්‍රිඩාවේද එවැනි දක්ෂකම් ඇති ඉෂාර සමරවීර වැනි ක්‍රීඩකයින් ජපානයේ සිට ශ්‍රී ලංකාවට උපකාර කරන්නට ඉදිරිපත් වූ ඉතිහාසයක් තිබිණ.ඒ සඳහා දායක වූ අයෙක් ලෙස මේ ලියුම්කරු පවසන්නේ මෙවැනි ලාංකේය විශිෂ්ඨයන් ජාත්‍යන්තර මට්ටමෙන් සොයා ගැනීම මෙන්ම දිලිප් හෂාන් ජාත්‍යන්තර වෘත්තිය බේස්බෝල් ක්‍රීඩකයින් අතර රැඳ වූ ආකාරයටම තවත් ක්‍රීඩකයින්ට එවැනි අවස්ථා සොයා දීමට ශ්‍රී ලංකා බේස්බෝල්වලට මැදිහත් විය හැකි ද යන්නත් විමසා බැලීම වටින්නේය.
