නාමල්ට එරෙහිව සාක්කි දෙන්න යන ව්‍යාපාරිකයා මේ ආණ්ඩුවේ ඇමති කෙනෙකුත් පාවාදීලා ?

Date:

ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙක් නාමල් රාජපක්ෂට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට ප්‍රකාශයක් ලබාදෙන්න නියමිතයි කියලා ප්‍රවෘත්තියක් පහුගිය සතියේ පළවුණානෙ.

ගුවන් යානා ගනුදෙනුවක් ගැන තමයි ඔය ප්‍රකාශය ලබාදෙන්න නියමිතයි කියලා කියවුණේ.

ඔය ව්‍යාපාරිකයා පහුගිය යහපාලන ආණ්ඩුව කාලෙත් රාජපක්ෂලාට විරුද්ධව දෙපාරක්ම සාක්කි දීපු කෙනෙක් ලු.

ඉතින් ඔය ව්‍යාපාරිකයා ඒ කාලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දීපු ප්‍රකාශ ගැන හාරලා බලනකොට ඒකක් අස්සේ වර්තමාන ආණ්ඩුවේ ඇමති කෙනෙක්ගේ නමකුත් තිබිලා ලු.

ඒ කාලේ පාර්ලිමේන්තුවේ නොහිටපු දූෂණ විරෝධී එක්කෙනෙක් වෙන එතුමාට රාජපක්ෂලාට හොඳටෝම හිතවත් ඩුබායි නමක් කියවුණු නන්දනීය ලොකු වියාපාරිකයෙක් සල්ලි වගයක් දුන්නාය කියලා කතාවක් ලු ඒ ප්‍රකාශයේ තියෙන්නේ කියලා ආරංචියි. අපි දන්නෙ නෑ ඉතින් ඔව්වා ….

කොහොම වුණත් ඔය පටළැවිල්ල රාජපක්ෂ පාර්ශ්වයටත් ආරංචි වෙලාය, අර ව්‍යාපාරිකයාගේ ප්‍රකාශය උඩට ආවොත් මේකත් උඩට අදින්න ඒගොල්ලො සූදානමින් ඉන්නවාය කියලාත් ආරංචිමාර්ග කියනවා.

ඔය තුන් හතර පැත්තටම පාවාදෙන උන්දැලා එක්ක වැඩ කරන්න ගියාම ඔහොම එව්වා තමයි සිද්ධ වෙන්නේ කියලා තතුදත් කට්ටිය කතා වෙනවා ලු.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත්කිරීමට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නව...

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් වන Anas al-Sharif සහ Mohammed Qreiqeh යනු කවුද?

රෂිකා හෙන්නායක අගෝස්තු 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරිදා එනම් ඊයේ...

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රා.ස. මන්ත්‍රී වෙඩි වැදී ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 12, කොළඹ LNW: වෙඩි වැදීමකින් බරපතළ තුවාල...

වර්ථමාන මීටර් 400 සහ සුගත්ගේ මිටර් 400

නිශ්මං රණසිංහ අගෝස්තු 12, කොළඹ LNW: ඉන්දියාවේ ඔඩිසා ප්‍රාන්තයේ ක්‍රියාත්මක වූ...