කොළඹ LNW: ඇමරිකාව සහ ඊශ්රායලය විසින් සිදුඅක්රනු ලබන පලස්තීන සමූල ඝාතනය නවතන ලෙස බලකරමින් අද (20) ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කර තිබුණි.
එක්සත් සමාජවාදී පක්ෂය විසින් එය සංවිධානය කර තිබේ.
ඇමරිකාවේ නව ජනාධිපති ලෙස පත් වූ ඩොනල්ඩ් ට්රම්ප් වෙත එම බලකිරීම සිදුකරන ලදී.
2023 ඔක්තෝම්බර් 07 වැනිදා සිට පැවති ගැටුම් හමුවේ මේ වන විට ඊශ්රායල් ප්රහාර හේතුවෙන් පලස්තීන වැසියන් 47,035ක් ඝාතනය වී ඇති බවයි පලස්තීන වාර්තා පෙන්වා දෙන්නේ.
ජායාරූප – අජිත් සෙනෙවිරත්න