ශ්‍රී ලංකාවට ප්‍රබල භූතානයෙන් ගෝල පහක්

Date:

නිශ්මං රණසිංහ ජනවාරි 20, කොළඹ LNW:

දකුණු ආසියානු ෆුට්සාල් තරගාවලියේ කාන්තා අංශයේ තරගයකදී ශ්‍රී ලංකාව භූතාන කාන්තා කණ්ඩායම ඉදිරියේ ගෝල 5-1 ක් ලෙස අනපේක්ෂිත පරාජයකට මුහුණ දුන්නා.භූතානය මේ තරගාවලිය තුළ ඉහළින්ම දස්කම් දක්වමින් සිටින අපරාජිත කාන්තා කණ්ඩායමක් වුවත්,ශ්‍රී ලංකාවට මේ පරාජය මීට වඩා ගෞරවණීය තැනෙක තබා ගන්නට ඉඩ තිබුණා.


පළමු අර්ධය නිමවන විට භූතානය ගෝල 1-0 ක් ලෙස ඉදිරියෙන් සිටිය අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ආක්‍රමණය සහ ආරක්ෂාව යන කාරණා දෙකේම සම මට්ටමක සිට භූතානයට අභියෝගයක් එල්ල කරනු ලැබුවා.එහෙත් දෙවන භාගයේදි එම සැළසුම සහ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් යහපත් සිහියෙන් කටයුතු කරන බව දකින්නට ලැබුණේ නැහැ.එයින් ප්‍රයෝජන ලබා ගත් භූතාන ක්‍රීඩිකාවන් දෙවන අර්ධයේදී ගෝල 4 ක් රැස් කරන්නට සමත් වුණා.


භූතානය ගෝල තුනක් ලබා ගන්නා තුරු ශ්‍රී ලංකාවේ ගෝල සටහන බින්දුවේ රැඳණ අතර දෙවන අර්ධයේ තරගයේ 33 වන විනාඩියේදී තරිදි ලියනගේ ශ්‍රී ලංකාව ලබා ගත් එකම ගෝලයේ හිමිකාරිය බවට පත් වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විලාසිතා කලාවේ ඉටෑලියන් පුරාවෘත්තයක් මෙසේ නිමා විය – Valentino Garavani

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): ලොව වඩාත්ම ආකර්ෂණීය...

නන්දනගේ අන්තිම කැමති පත්‍රය.

සාමාන්‍යයෙන් මෙලොව හැර යන ඕනිම කෙනෙකුට අවසන් කැමැත්ත කියලා...

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට තවත් එළියක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 හොඳම මධු­ස­මය ගම­නාන්ත ස්ථාන 10 අත­රට...

දිට්වා ආපදාව: විශේෂ කාරක සභාවට අනුමැතිය හිමිවෙයිද?

කොළඹ LNW:සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ...