පෞද්ගලික අංශයේ අවම වැටුප ගැන තීරණයක්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 20, කොළඹ LNW :

2026 ජනවාරි පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශයේ අවම වැටුප රුපියල් 27,000 සිට රුපියල් 30,000 දක්වා ඉහළ නැංවෙන බව කම්කරු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව, දෛනික වැටුප රුපියල් 1080 සිට රුපියල් 1200 දක්වා ඉහළ නැංවෙනු ඇත.

2025 අංක 11 දරණ සේවකයන්ගේ ජාතික අවම වේතන සංශෝධන පනත යටතේ මෙම වැටුප් ඉහළනැංවීම සිදුකර ඇත.

ඒ අනුව අදාල සේවා යෝජකයා ගෙවීම් සිදුකළ යුතුයි.

මෙම සංශෝධන පනත නිසිලෙස ක්‍රියාත්මක කිරිමේදි අතරමැදියෙකු හෝ කොන්ත්‍රාත්කරුවෙකු හරහා සේවය කරන සේවකයෙකු සම්බන්ධයෙන් ආසන්නතම සේවා යෝජකයා මෙන්ම අවසාන සේවා යෝජකයා ද ඇතුළුව සෑම සේවා යෝජකයෙකුම පනතේ නියමයන්ට බැඳී සිටින බව සඳහන් වේ.

කම්කරු දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ, සංශෝධිත පනතේ 4 වන වගන්තියට අනුව අයවැය සහන දීමනාවන් එකතු කිරිම හැරුණු විට සේවකයෙකු 2025-03-31 වනවිට ලබමින් සිටි වෙනත් කිසිම දීමනාවක් අවම වේතනය සදහා හිලව් කිරිමට යොදා නොගතයුතු බවයි .

මෙම වැටුප වැඩි කිරිම අනුව සේවක අර්ථ සාධක අරමුදල් / සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් / අතිකාල / පාරිතෝෂිත / ප්‍රසූතිකාගාර ගෙවීම් සහ නිවාඩු දින ගෙවීම් යන ආදී සියලු ගෙවීම් සඳහා අදාළ කරගැනිමේ වගකීම සේවා යෝජකයන් වෙත පැවරෙනු ඇත.

නිසි පරිදි ගෙවීම් නොකරන සේවා යෝජකයන් වෙතොත් එම පැමිණිලි කම්කරු දෙපාර්තමේන්තුවේ පැමිණිලි කළමනාකරණ පද්ධතියට ඇතුළත් කිරීම හෝ ළඟම පිහිටි කම්කරු කාර්යාලයට ලිඛිතව ඉදිරිපත් කළ හැකි බව ,කම්කරු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වතු කම්කරුවන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම ගැන රජයේ අවධානය!

රෂිකා හෙන්නායක ජනජනවාරි 20,කොළඹ LNW : වතු කම්කරුවන්ගේ ජීවන...

ඉන්දියානු සාගර වෙරළබඩ රාජ්‍ය සන්ධානය පිහිටුවීම සඳහා අවබෝධතා ගිවිසුමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 20, කොළඹ LNW : ඉන්දියානු සාගර වෙරළබඩ...

නව නිවාස ඒකක 300ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක්!

රෂිකා හෙන්නායක ජනවාරි 20, කොළඹ LNW : රාජගිරිය , ඔබේසේකරපුර,...

හරිනිට එරෙහි විශ්වාසභංගයට ආණ්ඩුවෙන් දින දෙයි!

කොළඹ LNW:අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට එරෙහිව විපක්ෂය...