අවසන් පැතුමක් ඉටු විය! රොක්ස්ටාර් නිහඬවම GTA 6 සිහිනයක් සැබෑ කරයි.

Date:

සටහන – පුලී

ජනවාරි 20, කොළඹ (LNW): නොවැම්බර් මාසයේ එළිදැක්වීමට පෙර Grand Theft Auto 6 ක්‍රීඩා කළ හැකිදැයි සිය පවුලේ සාමාජිකයෙකුගෙන් විමසූ මාරාන්තික රෝගාතුර රසිකයෙකුගේ ආශාව Rockstar Games විසින් ඉටු කර ඇති බවට දැක්වෙන එම සතුටුදායක ආරංචිය සමාජ මාධ්‍ය ඔස්සේ සීඝ්‍රයෙන් ඇවිලී ගිය කාරණාවකි.

ඥාතියෙකුගේ LinkedIn සටහනක් කතා බහට ලක්වීමෙන් අනතුරුව Take-Two හි ප්‍රධාන විධායක නිලධාරී Strauss Zelnick ගේ අවධානයට එය ලක් වූ පසු, නම් සදහන් නොකළ මෙම රසිකයාව Rockstar විසින් සම්බන්ධ කර ගන්නා ලදී.

Ubisoft Toronto හි සංවර්ධකයෙකු වන Anthony Armstrong, මුලින් තම පවුලේ සාමාජිකයා වෙනුවෙන් පසුගිය මාසයේ ආයාචනයක් ඉදිරිපත් කළ අතර, එම පණිවිඩය ප්‍රචාරය කිරීම සඳහා ඕනෑම සම්බන්ධතාවකින් හෝ ක්‍රීඩා කර්මාන්තයේ සගයන්ගෙන් පවා ඊට උදව් ඉල්ලා සිටියේය.

“වසර ගණනාවක් තිස්සේ පිළිකාවක් සමඟ පොරබදමින් සිටි මගේ පවුලේ සාමාජිකයෙකුට මෑතකදී නරකම ආරංචියක් ලැබුණා” ඔහුට ජීවත් වීමට මාස 6-12 අතර කාලයක් පමණක් ඇති බව ආම්ස්ට්‍රෝං එහි සඳහන් කර තිබුණි. 

“මම මේ ගැන කතා කිරීමට හේතුව ඔහු මහත් GTA රසිකයෙක් වීම සහ මෙම නවතම යාවත්කාලීන කිරීම් සමඟ [sic], GTA6 දියත් කිරීම දැකීමට ඔහුට එතරම් කාලයක් නොතිබිය හැකිය” ඔහු තවදුරටත් එහි සඳහන් කර තිබුණේය.

“ඔහු දැනට ජීවත් වන්නේ ඕක්විල් චිත්‍රාගාරයෙන් ගල් විසි කළ හැකි පමණ දුරකින්. ඒ නිසා ඔබගෙන් කෙනෙකුට එය යාවත්කාලීන කිරීමට පෙර ක්‍රීඩාව අත්විඳීමට අවස්ථාවක් ලබා ගැනීමට සුවිශේෂී ක්‍රීඩා පරීක්ෂණයක් සංවිධානය කිරීමට හැකි වේවායි මම බලාපොරොත්තු වෙමි.” ඔහුගේ බලාපොරොත්තු පොදි බැඳුණු ඒ ආයාචනාවේ මෙසේ සඳහන් විය.

ආම්ස්ට්‍රෝං පසුව ඔහුගේ සටහන කිහිප වතාවක් යාවත්කාලීන කළේය. පළමුව එය සෙල්නික්ගේ අවධානය දිනාගත් බව තහවුරු කිරීමට ද පසුව අවසානයේ රොක්ස්ටාර් හොඳ ආරංචියක් සමඟ සම්බන්ධ වී ඇති බව ද ප්‍රකාශ කිරීමට ඔහු එම යාවත්කාලීන කිරීම් සිදු කරන්නට විය.

මෙම ක්‍රියාවලිය සහ මේ ලබාදුන් අවස්තාව හේතුවෙන් රසිකයන් චිත්‍රාගාරයේ හොද නම ගැන ඉතිහාසය පෙන්වා දෙන අතර අතිශයෝක්තියට වඩා මනුෂ්‍යත්වයට මුල් තැන දීම ගැන සමාගමට ප්‍රශංසා කරමින් සිටී. 

නිෂ්පාදනයක් ලෙස පමණක් නොව, එය වඩාත්ම අවශ්‍ය වූ විට සැනසීම, අර්ථය සහ ප්‍රීතිය ගෙන දිය හැකි අත්දැකීමක් බවට පත් කිරීමට ද ඔවුන් කැපවීය.

GTA 6 කාගේත් කතා බහට නතු වෙන්නේ; එය හුදෙක් ක්‍රීඩාවක් පමණක් නොව තාක්ෂණය, කතන්දර කීම(Storytelling) සහ විවෘත ලෝකය නිර්මාණයෙන් ඉදිරියට ගෙන යන ප්‍රධාන සංස්කෘතික පෙරළියක් වන බැවිනි. 

දශකයකට වැඩි කාලයක් තුළ පළමු නව ප්‍රධාන පෙළේ GTA ලෙස, එය ක්‍රීඩා කර්මාන්තය සඳහා නව ප්‍රමිතීන් සකසනු ඇත. එපමණක් නොව ගෝලීය විනෝදාස්වාදය සහ ආර්ථිකයන්ට බලපෑම් කිරීම, සහ මෙම ක්‍රීඩා මාලාව සමඟ හැදී වැඩුණු මිලියන සංඛ්‍යාත ක්‍රීඩකයින් සඳහා සුවිශේෂී මොහොතක් නියෝජනය කිරීමට ද එය සමත් වෙයි. 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වාහන සිය ගණනක් අනතුරට හෙළු මිචිගන් හිම කුණාටුව!

කොළඹ LNW:ඇමෙරිකාවට බලපා ඇති හිම කුණාටු තත්ත්වයත් සමග මිචිගන්...

ග්‍රීන්ලන්තයේ නව මිලිටරි සූදානම..

රෂිකා හෙන්නායක ජනවාරි 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

යුක්තිය සාධාරණය වෙනුවෙන් ඕනෑම වෙලාවක පෙනී සිටිනවා – විපක්ෂ නායක

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුක්තිය සාධාරණත්වය ඉටු කිරීමට ඕනැම අවස්ථාවක තමා...

වතු කම්කරුවන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම ගැන රජයේ අවධානය!

රෂිකා හෙන්නායක ජනජනවාරි 20,කොළඹ LNW : වතු කම්කරුවන්ගේ ජීවන...