වාහන සිය ගණනක් අනතුරට හෙළු මිචිගන් හිම කුණාටුව!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ඇමෙරිකාවට බලපා ඇති හිම කුණාටු තත්ත්වයත් සමග මිචිගන් ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක මෝටර් රථ සියයකට අධික සංඛ්‍යාවක් එකිනෙක ගැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මිචිගන් ප්‍රාන්තයට බලපා ඇති හිම කුණාටු තත්ත්වයත් සමග අධික හිම පතනයක් සිදුව ඇති අතර ඒ සමගම අධිවේගී මාර්ගයක ගමන් කළ මෝටර් රථ ලිස්සා යාමත් සමග සියයකට අධික සංඛ්‍යාවක් එකිනෙක ගැටී ඇතැයි වාර්තා වෙයි.

ඒ සමගම එම අධිවේගී මාර්ගයේ ගමන්ගමන කටයුතු ද සම්පූර්ණයෙන් ඇණහිට අතර අනතුර හේතුවෙන් මෝටර් රථ තුළ ගමන් කළ පුද්ගලයින් කිහිප දෙනෙකු ද සුලු තුවාල ලබා ඇති බව සදහන්.

මේ අතර උතුරු මිනසෝටා,නැගෙනහිර විස්කොන්සින්, ඉන්දියානා,ඔහයෝ, පෙන්සල්වේනියා, නිව්යෝර්ක් යන ප්‍රදේශයන්ට අධික සීත කාලගුණය හා හිම කුණාටු තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බවයි එරට කාලගුණ අංශ දැනුම් දී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...