පඹයො පුච්චන ඒව විතරයි පෙන්නන්නෙ අපි කරන දේවල්වට මාධ්‍යවල ඉඩක් නෑ – මැටි ඇමතිගෙන් මාධ්‍යයට චෝදනාවක්

Date:

රටේ ජනතාව ධනාත්මකව සිතීමට අවශ්‍ය පුවත් වාර්තා කිරීම ජනමාධ්‍ය ආයතනවල වගකීම බව මැටි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසනවා. කෙසේ නමුත් ජනමාධ්‍ය මගින් බහුල ලෙස වාර්තා කරන්නෙ සෘණාත්මක පුවත් බව රාජ්‍ය ඇමතිවරයා සඳහන් කරනවා.

පඹයන් පුළුස්සමින්, පොහොර විසිකරමින් ගොවීන් සිදු කරන උද්ඝෝෂණවලට වැඩි ඉඩක් ලබාදෙන ජනමාධ්‍ය ආයතන, අමාත්‍යංශ හරහා ජනතාවට සිදුවන සේවාවන් වාර්තා කිරීමට කටයුතු නොකරන බවට ප්‍රසන්න රණවීර මහතා චෝදනා කරයි.

සිය අමාත්‍යංශය හරහා 10,000 කට වැඩි පිරිසක් ව්‍යවසායකයන් බවට පත්කර ඇති බවත් සාම්ප්‍රදායික කර්මාන්ත ගම්මානවල 3000 කට වැඩි පිරිසකට අලුත් යන්ත්‍ර-සූත්‍ර, පුහුණුව ලබා දී ව්‍යවසායකයන් බවට පත්කර තිබෙන බවත් රණවීර මහතා සඳහන් කරනවා. මෙවැනි ධනාත්මක දේ වාර්තා කිරීම හරහා රටේ සමස්ත ජනතාවම ධනාත්මකව සිතන පුද්ගලයන් බවට පත්කළ හැකි බවත්, කෙසේ නමුත් එම වගකීම ජනමාධ්‍ය හරහා ඉටු නොවන බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

තමන් සතු වගකීම නිවැරදිව තේරුම් ගෙන ධනාත්මක දේ ජනතාවට පෙන්වීමට කටයුතු කරන ලෙස මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටින බවද ප්‍රසන්න රණවීර ඇමතිවරයා සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසියේ රාජිත ලෙඩවෙයි: හේතු කියන්න නීතිඥවරයෙක් අල්ලස් කොමිසමට!

රෂිකා හෙන්නායක ජූනි 02, කොළඹ LNW :  අද(2) දින හිටපු ධීවර...

චූදිතයින් කලබල වුණාට අපිට කරන්න දෙයක් නැහැ. ශානි වගේ නිලධාරීන්ව අපි රකිනවා!

කොළඹ LNW:ශානි අබේසේකර මහතා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ...

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...