විදුලි සැපයුම අදත් වැට උඩ – කප්පාදුවක් වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්! (VIDEO)

Date:

පොරොන්දු වූ පරිදි විදුලි ජනනය සඳහා ඩීසල් මෙට්‍රික් ටොන් 10,000ක් විදුලි බල මණ්ඩලය වෙත ලැබෙමින් තිබෙන අතර ඉන් මෙට්‍රික් ටොන් 2000ක් පමණ දැනටමත් කැලණිතිස්ස බලාගාරය වෙත ලැබී ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමයේ කමිටු සාමාජික එරංග කුඩාහේවා මහතා පැවසුවේය.

ඒ අද (20) වන විට විදුලි සැපයුමේ තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කෙසේවෙතත් සපුගස්කන්ද බලාගාරය වෙත පවතින දැවී තෙල් ප්‍රමාණවත් වන්නේ අද රාත්‍රී 07.30ත් 08.30 අතර දක්වා කාලයට වන හෙයින් පස්වරු 02.30ත් 06.30 අතර කාලය තුළ පැයක පමණ කාලයක් විදුලිය විසන්ධි විය හැකි බවයි කුඩාහේවා මහතා කියා සිටියේ.

රාත්‍රී කාලයේදී ජල විදුලිය උපරිම ධාරිතාවයෙන් යුතුව පාවිච්චි කිරීමට හැකි වුවත් දැනට අනුමාන කර ඇති ආකාරයට කැලණිතිස්ස බලාගාරයේ පවතින දෝෂයක් හේතුවෙන් මෙගාවොට් 50ක 60ක පමණ අඩුවක් පවතින හෙයින් රාත්‍රී කාලයේදීද වි.45ක පමණ කාලයක් විදුලිය විසන්ධි විය හැකි බව ඔහු ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනෝතප්ත විලේ මඩකරි ඇල්ලීම !

උපාලි කොළඹගේ කොළඹ LNW: සියල්ල සිදුවී හමාරය. දැන් කළ යුත්තේ...

ආපදාවෙන් විනාශ වූ රථ වාහන සම්බන්ධව තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, කොළඹ LNW : ආපදාවෙන් විනාශ වූ...

ආපදාවට ලක්වූ රූපලාවන්‍යාගාර යළි යථා තත්වයට පත්කරගැනීමට Dreamron වෙතින් අත්වැලක් !

පසුගිය දිනවල දිවයින පුරා පැවති ආපදා තත්වය හේතුවෙන් හානියට...

ආපදාවෙන් පූර්ණ හානි වූ නිවාස 5000 ඉක්මවයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාස...