Thursday, March 23, 2023
spot_img

Latest Posts

විදුලි සැපයුම අදත් වැට උඩ – කප්පාදුවක් වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්! (VIDEO)

පොරොන්දු වූ පරිදි විදුලි ජනනය සඳහා ඩීසල් මෙට්‍රික් ටොන් 10,000ක් විදුලි බල මණ්ඩලය වෙත ලැබෙමින් තිබෙන අතර ඉන් මෙට්‍රික් ටොන් 2000ක් පමණ දැනටමත් කැලණිතිස්ස බලාගාරය වෙත ලැබී ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමයේ කමිටු සාමාජික එරංග කුඩාහේවා මහතා පැවසුවේය.

ඒ අද (20) වන විට විදුලි සැපයුමේ තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කෙසේවෙතත් සපුගස්කන්ද බලාගාරය වෙත පවතින දැවී තෙල් ප්‍රමාණවත් වන්නේ අද රාත්‍රී 07.30ත් 08.30 අතර දක්වා කාලයට වන හෙයින් පස්වරු 02.30ත් 06.30 අතර කාලය තුළ පැයක පමණ කාලයක් විදුලිය විසන්ධි විය හැකි බවයි කුඩාහේවා මහතා කියා සිටියේ.

රාත්‍රී කාලයේදී ජල විදුලිය උපරිම ධාරිතාවයෙන් යුතුව පාවිච්චි කිරීමට හැකි වුවත් දැනට අනුමාන කර ඇති ආකාරයට කැලණිතිස්ස බලාගාරයේ පවතින දෝෂයක් හේතුවෙන් මෙගාවොට් 50ක 60ක පමණ අඩුවක් පවතින හෙයින් රාත්‍රී කාලයේදීද වි.45ක පමණ කාලයක් විදුලිය විසන්ධි විය හැකි බව ඔහු ප්‍රකාශ කරන ලදී.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.