ඉන්ධන නැති උනත් 25 වෙනිදා ඉඳලා අඛණ්ඩව විදුලිය දෙන්න පුලුවන් – ලොකුගේ

Date:

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රියව පවතින විදුලි ජනන යන්ත්‍රය අළුත්වැඩියා කිරීමේ කටයුතු සිදුවෙමින් තිබෙන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. එම ජනන යන්ත්‍රය ජනවාරි 25 වැනිදා වනවිට යථා තත්වයට පත්වන බවත් 25 වැනිදා සිට අඛණ්ඩව විදුලිය සැපයීමට හැකිවන බවත් ඇමතිවරයා සඳහන් කරයි.

ඉන්ධන නොමැතිව වුවද 25 වැනිදායින් පසුව විදුලි සැපයුම බිඳ නොවැටෙනු ඇති බවට ලොකුගේ මහතා විස්වාසය පළ කරනවා.

තෙල් සංස්ථාව සහ විදුලිබල මණ්ඩලය අතර මතුව ඇති අර්බුදකාරී තත්වය හේතුවෙන් විදුලි ජනනය සඳහා අවශ්‍ය ඉන්ධන සපයා ගැනීමේ අර්බුදයක් මතුව ඇති අතර මේ නිසා ඊයේ දිනයේදී පැය 02 කට ආසන්න කාලයක් බැගින් විදුලි සැපයුම අත්හිටුවා තිබිණි.

නොරොච්චෝ‌ලේ යථා තත්වයට පත්වන තෙක් 25 වැනිදා දක්වා තවදුරටත් විදුලි බිඳවැටීම් සිදුවිය හැකි බවත්, කෙසේ නමුත් අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවත් ගාමිණී ලොකුගේ මහතා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප් හා සම්බන්ධ වාර්තා චිත්‍රපටයක් හේතුවෙන් BBC අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රවෘත්ති ප්‍රධාන විධායක නිලධාරී ඉල්ලා අස්වෙයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ...

අපේ එකෙක්වත්, අපට සම්බන්ධ එකෙක්වත් අපට නිකමටවත් කතා කරන්න එපා මත්ද්‍රව්‍ය අහුවෙලා කියලා – ඇමති වටගල

සටහන - රුවන් නෙළුගොල්ල විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික මෙහෙයුම...

බෙරලපනාතර සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව සැරටම පරාදයි !

මාතර දිස්ත්‍රික්කයේ බෙරලපනාතර සමූපකාර සමිතියේ නිලවරණයේදී ද ජාතික ජන...

පිලිපීනයට බලපෑ 21ක් වන සුළි කුනාටුව හේතුවෙන් මිලියනයකට අධික පිරිසක් ඉවත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පිලිපීනයට බලපෑ...