වනිඳු, චමීර වසරේ ලෝක එක්දින කණ්ඩායමට – ඉන්දියාවේ කිසිදු ක්‍රීඩකයෙක් නෑ

Date:

ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සහ වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර 2021 වසරේ ලෝක එක්දින කණ්ඩායමට නම්කර තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම කණ්ඩායම නම්කර තිබෙන්නේ 2021 වසර තුළ ජාත්‍යන්තර තරගවලදී ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා පදනම් කරගෙනයි.

විශේෂත්වය වන්නේ කිසිදු ඉන්දීය ක්‍රීඩකයෙක් මෙම කණ්ඩායම සඳහා ඇතුළත් නොවීමයි. මීට අමතරව එංගලන්තය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම්වලින්ද ලෝක කණ්ඩායමක කිසිදු ක්‍රීඩකයෙක් සුදුසුකම් ලබා නොමැත.

වනිඳු හසරංග පසුගිය වසරේදී තරග 14 කදී ලකුණු 356 ක් වාර්තා කර ඇති අතර එය එම වසරේදී ශ්‍රී ලාංකික පිතිකරුවෙකු ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණයයි. ඔහු අර්ධ ශතක 03 ක් වාර්තා කර තිබේ.

පන්දුවෙන්ද දස්කම් දැක්වූ වනිඳු කඩුලු 12 ක් බිඳහෙළා තිබෙනවා.

සාර්ථකම වසරක් අවසන් කළ දුෂ්මන්ත චමීර තරග 14 කදී කඩුලු 20 ක් දවාගත් අතර එම කඩුලු ප්‍රමාණය පසුගිය වසරේදී එක්දින පිටියේ ක්‍රීඩකයෙකු බිඳහෙළූ වැඩිම කඩුලු ප්‍රමාණයයි.

අයිසීසීය නම්කළ එක්දින කණ්ඩායමේ නායකත්වය පකිස්තානු නායක බාබර් අසාම්ට හිමිව ඇති අතර ඔහුට අමතරව ෆකර් සමාන්ද ලෝක කණ්ඩායම නියෝජනය කරනවා. දකුණු අප්‍රිකාවෙන් ජනෙමාන් මලන්, රසි වැන්ඩර් ඩුසෙන් ලෝක කණ්ඩායමට සුදුසුකම් ලබාගෙන තිබේ. මීට අමතරව බංග්ලාදේශයේ ශකීබ් අල් හසන්, මුෂ්ෆිකර් රහීම්, මුස්තෆිසුර් රහ්මාන් සහ අයර්ලන්තයේ පෝල් ස්ටර්ලින්, සිමි සිංග් යන ක්‍රීඩකයන් ලෝක කණ්ඩායමට නම්කර ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...

අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසීය වෙඩි!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW අද (3) දහවල්...