ජාතික ආරක්ෂාව ගැන පටු විදියට බලපු එකේ ප්‍රතිඵල තමයි අද අපි භුක්ති විඳින්නෙ – විපක්ෂ නායක

Date:

ජාතික ආරක්ෂාව පිළිබඳව ජනතාව තුළ විශාල බලාපොරොත්තු තබමින් බලයට පත් වූ වත්මන් ආණ්ඩුව ජාතික ආරක්ෂාව ඇතුළු සියලු අංශවලින් අසමත් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ජාතික ආරක්ෂාව පිළිබඳව පටු ලෙස මෙන්ම පුළුල් ලෙසද බැලිය හැකි බවත් කෙසේ නමුත් වත්මන් ආණ්ඩුව ජාතික ආරක්ෂාව යන කාරණය දෙස එදා මෙන්ම අදද බලන්නේ ඉතා පටු ආකාරයෙන් බවයි සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ. ඔහු මේ බව සඳහන් කළේ අද (20) සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමිනි.

ජාතික ආරක්ෂාව යනු මිලිටරි ආරක්ෂාව පමණක් නොව ආර්ථික සුරක්ෂිතතාවය, ජනතාවගේ ජීවන තත්වය, සෞඛ්‍ය තහවුරු කිරීම, ආහාර සුරක්ෂිතතාවය ආරක්ෂා කිරීම, අධ්‍යාපන අයිතිය හිමිකර දීම ඇතුළු සියලු අංශ ඇතුළත් වන බවද විපක්ෂ නායකයා පවසනවා. කෙසේ නමුත් මේ වනවිට මෙම සියලු අංශවලින් ආණ්ඩුව අසමත් වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනෝතප්ත විලේ මඩකරි ඇල්ලීම !

උපාලි කොළඹගේ කොළඹ LNW: සියල්ල සිදුවී හමාරය. දැන් කළ යුත්තේ...

ආපදාවෙන් විනාශ වූ රථ වාහන සම්බන්ධව තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, කොළඹ LNW : ආපදාවෙන් විනාශ වූ...

ආපදාවට ලක්වූ රූපලාවන්‍යාගාර යළි යථා තත්වයට පත්කරගැනීමට Dreamron වෙතින් අත්වැලක් !

පසුගිය දිනවල දිවයින පුරා පැවති ආපදා තත්වය හේතුවෙන් හානියට...

ආපදාවෙන් පූර්ණ හානි වූ නිවාස 5000 ඉක්මවයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාස...