*
Friday, March 29, 2024
spot_img

Latest Posts

ආපහු සැරයක් කැරකෙන පොදු අපේක්ෂක ගුලිය – තාරක ලියයි

ජනාධිපතිවරනෙට හත්ගව්වක් තියල පොදු අපේක්ෂක අමුඩෙ ගහගන්න වගේම වෙන අයට ගස්සන්නත් ගොඩක් අය උත්සාහ කරන බව පේනවා. පොදු අපේක්ෂක කියන සංකල්පය මුලින්ම ආවේ ඒ කාලේ ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන්. ජේආර් ජයවර්ධන ඉන්න කාලේ. එවකට ජේආර් පැරදවීම ලංකාවේ දේශපාලනේ පොදු සටන් පාඨය වෙලා තිබ්බා. හැබැයි කාලයට සාපේක්ෂව සන්දර්භය දැන් වෙනස්. 

ගොඩක් අය උත්සාහ කරනවා මේ යුගයේ පොදු සටන් පාඨය `රාජපක්ෂවරුන් පැරදවීම` කියල සූත්‍රගත කරන්න. එහෙම කරන එක ගැලරියට පොඩි ආතල් එකක් වුනාට දේශපාලනිකව වැරදියි. තාරක එහෙම කියන්නේ රාජපක්ෂලාට ඇති ආදරේකට නෙමෙයි. එයාලා එක්ක මොන ලව්ද ? අතීතයේ ජීවත්වෙන බල ලෝභී සෙට් එකක් කුමන ආකාරයෙවත් දේශපාලන ආලයක් අපට නැහැ. හැබැයි ඒ වගේම තාරක කියනව, රාජපක්ෂලා පැරදවීම නං නෙමෙයි පොදු සටන් පාඨය. 

මොකද, ඕක දෙදහස් පහළොවෙත් කොරලා බැලුවා. කෙලමවුනා. දැනුත් සමහර කට්ටිය ටික ටික තෙල ගහනව අපට පේනව, විපක්ෂය එකතු වෙන්න ඕන.. ඔක්කොම ප්‍රශ්න අමතක කරලා එක සටන් බිමකට එන්න ඕන වගේ පොඩි පොඩි විග්‍රහ එනවා වටින් ගොඩින්. සමහර විග්‍රහයන් බැලූ බැල්මට ප්‍රගතිශීලී සළු  පිළි දවටාගෙන එන්නේ. රැවටෙන්න එපා ඕවට. ඔය ආපහු හදන්නේ එජාපෙ සජබෙ ගොබ්බයන්ට හොරකම් කිරීමේ අවස්ථාව සලස්සන්න. 

මේ වෙලාවේ අවශ්‍ය ඒක නෙමෙයි. ඇත්ත ක්‍රම වෙනසක්. ඒ ක්‍රම වෙනස කරන්න බැරි නං රාජපක්ෂලාටම ඉන්න දුන්නත් කමක් නැහැ කියල කියන්න අපි කැමතියි. ඒක විසිල් පාරවල් හම්බවෙන ජනප්‍රිය කතාවක් නොවන බව අපි දන්නවා. හැබැයි ජනප්‍රිය කතන්දර පස්සේ ගිහින් මේ රට වැටිලා තියෙන අගාධය දැන් කාට කාටත් පේනවනේ. ඒකෙන් ගොඩ එන්න බැහැ පුතේ ගොඩ වෙදකම් කරලා. කරන වෙදකම හරියට කරන්න ඕන.

පොදු අපේක්ෂකයෙක් ඕන වෙන්නේ පොදු සතුරාට එරෙහිව. පොදු සතුරා රාජපක්ෂ නෙමෙයි සිස්ටම් එක. පොදු සතුරා සිස්ටම් එක කියල පිළිගන්න කට්ටිය එන්න බලන්න පුළුවන්නම් දක්ෂිණාංශික ගොබ්බ පක්ෂ අතහැරලා මිනිස්සු හැටියට  සිස්ටම් එකට එරෙහි පොදු වේදිකාවක් ළඟට. අන්න ඒ වේදිකාවේ ඉන්න පෙර වැරදි නැති (හෝ අඩු)  වමේ මිනිහෙක් පොදු අපේක්ෂකයා වෙනවනං ඒක වෙනම කතාවක්. 

එහෙම නැතුව එක එක්කෙනාගේ ජනාධිපති ආශාවන් ඉෂ්ඨ කරන්න මේ රටේ මිනිස්සු බැඳිලා නැහැ. තමන්ගේ ස්වාමි පුරුෂයා ජනාධිපති වුනාම ආර්යාව කියන බෝඩ් එක ගහගන්න හදිසි වෙලා ඉන්න නෝනලාගේ ආශාවන් ඉෂ්ඨ කරන්නත් මේ රටේ මිනිස්සු බැඳිලා නැහැ. මේ පාර ඉෂ්ඨ කරගන්න ඕන යහපත් සාමකාමී සමෘද්ධිමත් ණය නැති රටක් පිළිබඳ පොදු ජන ආශාව විතරමයි.

ඒ නිසා පොදු අපේක්ෂක ගුලිය අදේශපාලනිකව ගිල්ලන්න එන මහත්වරුන්ට අපි කියන්නේ, ලෙනින් කියපු කතාවක්. “ඔබට උවමනා නම් වගුරට බහින්න. අපේ අත් අතහරින්න. “ මොකද, ලංකාව දැනටමත් පැදුරෙනුත් බිමට වැටිලා ඉන්නේ. පැදුරෙන් ඇඳට ගොඩ වෙනවා මිසක මැදක් නැහැ. සමහරු කියනව එක පාරටම ඇඳටම නගින්න බෑනේ ඉතින් එන්න මේ මැද තියෙන ලා කොළ පාට සිහින මෙට්ටයෙන් ඇලවෙන්න කියල. අපිට කියන්න තියෙන්නේ මෙච්චරයි. සිහින මෙට්ටවලින් බිමට වැටිලා කොන්ද කඩාගැනීම සුරතාන්තයක් නම් නෙමෙයි හොඳේ. 

– තාරක 

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan