විරේන් අවසන් අට දෙනා අතරට

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 20 කොළඹ (LNW): ගෙවුණු ආසන්න කාලයේ සිය බැඩිමින්ටන් ජීවිතයේ යම් පසුබෑමක් පෙන් වූ විරේන් නෙත්තසිංහ “වික්ටර් ස්වීඩන් වීවෘත” බැඩිමින්ටන් සූරතාවලියේදී සුපුරුදු දක්ෂතා අතරට පිවිසෙමින් අවසන් අට දෙනා අතරට පිවිසීමට සමත්විය.පැය කිහිපයක් ඇතුළත පැවති තරග දෙකකම ජයග්‍රාහකයා වූ විරේන්,අද ප්‍රංශයේ එනෝගට් රෝයි හමුවීමට නියමිතය.රෝයි මේ වන විට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල 110 වන ස්ථානයේ පසුවන ක්‍රීඩකයාය

වර්ථමානයේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් හී ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලාංකිකයා වන විරේන් මේ වන විට පසුගිය කාලයේ පෙන් වූ මද පසුබෑම නිසා 83 වන තැන දක්වා පහතට පැමිණියත් ඉදිරි ජාත්‍යන්තර තරගවලදී හොඳ සූදානමකින් තරග වැදුණොත් මෙවර ප්‍රංශ ඔලිමිපික් තරගාවලිය නියෝජනය කරන්නට අවස්ථාව උදා කර ගැනිමේ ඉඩක් ඇත.

විරේන් ඊයේ මුහුණ දුන් පළමු තරගයේදී පරාජයට පත් කළේ පෘතුගාලයේ බර්නාඩෝ ඇටිලානෝ ය.එහිදී විරේන් පළමු වටය ලකුණු 21 – 10 ක් ලෙස ජයගත් අතර දෙවන වටයේදී ලකුණු 15 – 9 ක් ලෙස ඉදිරියෙන් සිටිද්දී බර්නාඩෝ තරගයෙන් ඉවත්වීම නිසා විරේන් ජයග්‍රාහකයා බවට පත් විය.දෙවන තරගයේදි විරේන්ගේ ප්‍රතිවාදියා වූයේ ස්කොට්ලන්තයේ කලියම් ස්මිත්ය.එම තරගයද වට 2-0 ක් ලෙස ජය ගන්නට විරේන්ට හැකි විය.ලකුණු තත්ත්වය දැක් වුණේ 21 – 13 සහ 21 – 14 ක් ලෙසය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...