බංකරයක තිබී ලක්ෂ 22 කට අධික මුදලක් නාකොටික් නිළධාරීන් සොයාගනී!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 20 කොළඹ (LNW): නිවසක බංකරයක සගවා තිබු ලක්ෂ 22 කට අධික මුදලක් නාකොටික් නිළධාරීන් සොයාගත් නව පොලිසිය පවසයි,

ගනේමුල්ල සංජීවගේ ගෝලයකුගේ නිවසක් බවට තොරතුරු අනාවරණය කරගෙන ඇති බවද පොලිසිය කියා සිටී.

දැනට රැදවුම් නියෝග මත වීරගුල පොලිස් ස්ථානයේ රදවා සිටින ප්‍රභල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගනේමුල්ල සංජීව යන අයගේ ප්‍රධාන ගෝලයෙකු වන දැනට විදේශගතව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන පැට්ටා මංජු නැමති අයගේ සමීපතමයෙකුගේ නිවසක් 2024.01.17 වන දින නාකොටික් නිළධාරින් කණ්ඩායමක් විසින් පරික්ෂා කිරීමේදී ඉතා ක්ෂුක්ෂම ලෙස නිවසේ බංකරයක සගවා තිබු ලක්ෂ 22 කට අධික මුදලක් සොයාගෙන ඇති බව පැවසේ.

පරික්ෂා කරන ලද නිවසේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු සිට ඇති අතර, නිවසේ සිටි කාන්තාවගේ ජංගම දුරකථන පරික්ෂා කරන අවස්ථාවේදී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා මුදල් මොවුන් හරහා සංසරණය වන බවට අනාවරණය වීමෙන් පසුව නාකොටික් නිළධාරීන් නිවස වැඩිදුරටත් සෝදිසි කර ඇත.

අත්අඩංගුවට ගත් කාන්තාව කෙහෙල්බැද්දර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 පමණ වයසැති කාන්තාවක් බවත්, නාකොටික් නිළධාරීන් පවසන්නේ , මත්ද්‍රව්‍ය ජාලය අනාවරණය කර ගැනීම සදහා මෙම සැකකාර කාන්තාව රැදවුම් නියෝග මත රදවාගෙන වැඩිදුර විමර්ශන සිදුකරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දුම්රිය වැඩවර්ජනය ඇරඹේ. කාර්යාල දුම්රිය ක්‍රියාත්මක බව දෙපාර්තමේන්තුව කියයි

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම තනතුරෙන් ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව...

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...