අපරාධ කල්ලි නායක ඇඩොල්ෆෝ මැසියාස්ගේ බිරිඳ සහ දරුවන් ආජන්ටිනාවෙන් පිටුවහල් කරයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 20 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉක්වදෝර අපරාධ කල්ලි නායක ඇඩොල්ෆෝ මැසියාස්ගේ (Adolfo Macias) පවුල ආජන්ටිනාවෙන් පිටුවහල් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Adolfo Macias

ඉක්වදෝරයට අවශ්‍යව සිටින අපරාධ  කල්ලි නායකයාගේ බිරිඳ සහ දරුවන් ආර්ජන්ටිනාවේ රැඳී සිට ඇති අතර,ඔවුන්ව පිටුවහල් කිරීමට කටයුතු කර ඇත.

ආර්ජන්ටිනාවේ ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේ ඇඩොල්ෆෝ මැකියාස් විලමාර්ගේ පවුලට එරෙහි පියවරෙන් තම රට මත්ද්‍රව්‍ය අපරාධකරුවන්ට සතුරු ප්‍රදේශයක් බව පෙන්නුම් කර ඇති බවයි.

ෆිටෝ ලෙස හඳුන්වන කල්ලි නායකයා මේ මස මුලදී ඉක්වදෝර බන්ධනාගාරයකින් පැන යාමෙන් පසු නිදැල්ලේ රැඳී සිටින බව වාර්තා වේ.

සංවිධානාත්මක අපරාධකරු සෙවීම සඳහා රටපුරා සෝදිසි කිරීම් අඛණ්ඩව සිදුවන බැවින් ඉක්වදෝරයේ  හදිසි තත්වයක් ද ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...

රතු ගුරු පාරේ හැන්දෑවේ ඇය යන්න ගියා මැකිලා….

දෙසැම්බර් 31, කොළඹ LNW : මෙරට නොමැකෙන මතක රැසක් ඉතිරි...

ජොන්ස්ටන්ගේ පුත්‍රයා රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය...