*
Friday, May 3, 2024
spot_img

Latest Posts

වේගයෙන් සංවර්ධනය වන අප්‍රිකානු රටවල් සමඟ සබඳතා ඇතිකරගැනීම ඉතා වැදගත් – විදේශ කටයුතු අමාත්‍ය

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 20 කොළඹ (LNW): ‘අප්‍රිකාව දෙස බලමු’ (Look Africa) යන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පය යටතේ ශ්‍රී ලංකාවේ නව ආර්ථික ගමන වෙනුවෙන් අප්‍රිකානු රටවල ආයෝජනය කිරීමට මෙහිදී අඩිතාලම වැටුණු බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පවසයි.

අද (20) දින විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා මේ බව සඳහන් කර සිටියේ, නොබැඳී ජාතීන්ගේ සමුළුවේ 19 වන රාජ්‍ය නායක සැසියට සහ චීනය සහ ගෝලීය දකුණේ සංවර්ධනය වන රටවල සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උගන්ඩාවේ සිදු කරන නිල සංචාරය පිළිබඳ අදහස් දක්වමිනි.

වැඩිදුරටත් විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසූවේ,

” ඊයේ දිනයේ දී නොබැඳි ජාතීන්ගේ සමුළුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෝලීය ප්‍රශ්න පිළිබඳව, විශේෂයෙන්ම ගාසා තීරයේ සිදුවන දේ, ඊශ්‍රායලය-පලස්තීනය පිළිබඳව මෙන්ම සංවර්ධනය වන රටක් අනාගතයේදී ගත යුතු පියවර, එමෙන්ම ණය බරින් මිරිකී සිටින ජාතීන් ඉන් මුදා ගැනීම සඳහා ගත යුතු පියවර, දේශගුණික විපර්යාස ආදි මාතෘකා පිළිබඳව තම අදහස් ප්‍රකාශ කරනු ලැබුවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සිදු කළ කතාව පිළිබඳව මට මුණ ගැසුණ විදේශ නායකයන් සහ අමාත්‍යවරුන් සිය ප්‍රසාදය පළ කර සිටියා.

මීට සමගාමීව අප්‍රිකානු කලාපයේ සිටින ගෝලීය දකුණේ රටවල නායකයින් රැසක් සමඟ සාකච්ඡා පැවැත්වීමට ජනාධිපතිවරයා කටයුතු කළා.

විශේෂයෙන්ම සත්කාරක රට වන උගන්ඩාවේ ජනාධිපතිවරයා සමඟ මෙන්ම ඉතියෝපියාවේ අගමැති, බෙනින් රාජ්‍යයේ උප ජනාධිපතිනි, බහමාස්හි අගමැතිවරයා මෙන්ම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ ද ජනාධිපතිතුමා සාකච්ඡා පැවැත්වු අතර එම රටවල් සහ ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කර ගැනීමට තවදුරටත් ගත යුතු පියවර පිළිබඳව එහිදී සාකච්ඡා කරනු ලැබුවා.

සාමාන්‍යයෙන් අප ආමන්ත්‍රණය නොකරන, බිලියන 1.3ක ජනගහනයක් වෙසෙන, ඉදිරියේදී ඉතා වේගයෙන් සංවර්ධනය වනු ඇතැයි ලෝකය අපේක්ෂා කරන, අප්‍රිකානු රටවල් සමඟ සබඳතා තර කර ගැනීම සඳහා මෙම සංචාරය ඉවහල් වනු ඇති බව මම විශ්වාස කරනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා‍ගේ නායකත්වය තුළ ශ්‍රි ලංකාව ලබමින් සිටින ආර්ථික වර්ධනය සහ එහිදී ජනාධිපතිතුමා ඉටුකරන කාර්යභාරය මෙම සියලුදෙනාගේ ඇගයීමට ලක් වුණා.

මීට වසර එකහමාරකට පෙර ජනාධිපතිතුමා රට බාර ගැනීමට පෙර තිබූ තත්ත්වය සමඟ සසඳන විට අද ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳ එම සියලුදෙනා ප්‍රශංසාව පළ කර සිටියා.

විශේෂයෙන් උගන්ඩාවේ ජනාධිපති යොවේරි මුසෙවේනි මහතා ප්‍රකාශ කර සිටියේ වැටී තිබූ රට යළි නගා සිටුවීම සඳහා ලබා දුන් දායකත්වය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතු බවයි.

ඒ වගේම මෙවර නොබැඳි ජාතීන්ගේ සමුළුව තුළින් අපට ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තරයට කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි වුණා. එසේම අප්‍රිකානු කලාපයේ රටවල් රැසක් සමඟ ද්වීපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමට ද ජනාධිපතිවරයාගේ මෙම සංචාරය ඉවහල් වු බව කිවයුතුයි.

එසේම ‘අප්‍රිකාව දෙස බලමු’ (Look Africa) යන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පය යටතේ ශ්‍රී ලංකාවට නව ආර්ථික ගමනක් ආරම්භ කිරීම සඳහා අප්‍රිකානු රටවල ආයෝජනය කිරීමට අඩිතාලම මෙහිදී වැටුණු බව ද සිහිපත් කළයුතුයි.

උදාහරණයක් ලෙස බෙනින් රාජ්‍යය සමඟ රාජ්‍ය තාන්ත්‍රික, නිල සහ සේවා ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා ලබා ගැනීමෙන් නිදහස් කිරීම තුළින් දෙරටටම ප්‍රතිලාභ ලබා ගැනීම අපේක්ෂා කරනවා.

මීට අමතරව විදේශ අමාත්‍යවරයා ලෙස බංග්ලාදේශ, බහරේන්, ඝානා, ටැන්සානියාව, අසර්බයිජානය ආදි රටවල විදේශ අමාත්‍යවරු සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට මටද අවස්ථාව හිමි වූ අතර, එම රටවල් සමඟ ඇති මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කර ගනිමින් ආර්ථික සබඳතා ගොඩනගා ගැනීම එම සාකච්ඡාවල අරමුණයි.

එම නිසා මෙවැනි සමුළු තුළින් රටක් ලෙස අප අපේකෂා කරන්නේ ජාත්‍යන්තරයේ රටවල් සමඟ ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගනිමින් රටට ප්‍රතිලාභ උදා කර ගැනීමයි” ලෙඩ අදහස් දැක්වීය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan