2025 දී අලුතින් දේපල බද්දක්!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 20 කොළඹ (LNW): 2025 දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති වැඩසටහනට අනුව, අලුතින් දේපල බද්දක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා පවසයි. එමඟින් දේපළ හිමියන් මත බදු අයකර ගැනීමට රජයට හැකිවනු ඇති බව ඔහු සඳහන් කරයි.

බෲවර් මහතා පෙන්වා දෙන්නේ, 2022 දී 7% දක්වා පහත වැටී තිබූ බදු ආදායම 2023 දී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් 9% දක්වා වර්ධනය වී ඇති බවත්, එසේම බදු ආදායම 2024 දී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 12% දක්වා සහ 2025දී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 14% දක්වා ද වැඩි කර ගැනීමට ඉලක්ක කර ඇති බවයි.

ඒ මහතා සඳහන් කරන්නේ , ශ්‍රී ලංකාව ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්පූර්ණ සහාය ලබා දෙන අතර රජයේ බදු ආදායම පෙර තිබූ තත්ත්වයට වර්ධනය කර ගැනීම ඉතා වැදගත් බවයි.

එසේම ණය ප්‍රතිව්‍යුගතකරණ එකඟතාවන් සම්බන්ධයෙත් ඉතා ඉක්මනින් අවසන් ගිවිසුම්වලට එළඹීම ඉතා වැදගත් බව ද බෲවර් මහතා පවසා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්‍යන්තර...

ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකා වෙරළ...

වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...

විහාරමහාදේවියේ පැවති අඛණ්ඩ සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ...