වරායේ තදබදය : ජනපතිගේ උපදෙස් අනුව වැඩ කෙරෙන බවක් පේන්න නෑ. මට නම් සතුටු වෙන්න බෑ – ඇමති බිමල්

සටහන – රුවන් නෙළුගොල්ල

කොළඹ වරායේ බහාලුම් නිෂ්කාශනය ප්‍රමාද වීම හේතුවෙන් ඇතිවී ඇති තදබදය විසඳීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය සතියේදී ලබාදුන් උපදෙස් පිළිපදිමින් සියලු දෙනාම කටයුතු කරන ආකාරයක් පෙනෙන්නට නොමැති බවත් වරායේ පවතින තත්වය සම්බන්ධයෙන් තමන්ට සතුටු විය නොහැකි බවත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

“මම අවංකවම පෞද්ගලිකව සතුටු වෙන්නෙ නෑ. මේ සතිය තුළදී ජනාධිපති දුන්නු උපදෙස් අනුව හැම කෙනාම ඒක කරන බව නම් පේන්නෙ නෑ. මං ඒක අවංකවම කියන්න ඕනෙ. පැය 24 වැඩ කරන්න කිව්වාට රෑ 03.20 ට සමහර අංගනවල වැඩ නතර වෙනවා. පෑලියගොඩ ඉංජිනේරු සංස්ථාවට අයිති ඉඩම අපි දැන් ලෑස්ති කරලා ඒක සුද්ද කරලා ඒකෙ ගාඩ්ලා දාලා බලන් ඉන්නවා ලොරිවල මහත්තුරු ක්ලියර් කරන් ඇවිල්ලා එතන පාර්ක් කරගනී කියලා. හැබැයි ලොරි රථ එන්නෙ නෑ තාම. ඒගොල්ලො තාම ඇතුළෙ ලොරි 500 – 600 තියන් ඉන්නවා. අපි දැක්කෙ නෑ සමහර පෞද්ගලික අංශයේ ආනයනකරුවන්ගේ පැත්තෙන් එතරම්ම සහයෝගයක් ලැබෙනවා. ඉතින් කවුරුත් කන්ට්‍රිබියුට් කරන්නෙ නැත්නම් අපි රටට කියනවා ඇත්ත තත්වය. අපි ළඟ සියලුම ප්‍රස්තාර තියෙනවා, සියලුම වාර්තා තියෙනවා, නිලධාරීන් ආපු වෙලාවල් ගියපු වෙලාවල් තියෙනවා, පෞද්ගලික අංශයේ අය රිපෝට් කරපු වෙලාවල් තියෙනවා, අපි ඔක්කොම රටට කියනවා”

අමාත්‍ය බිමල් රත්නායක මහතා මේ බව පැවසුවේ ඊයේ (ජනවාරි 20) කොළඹ වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොත්මලේ වාන් දොරටු විවෘත කිරීමට පෙර මහවැලි අධිකාරියෙන් දැනුම් දීමක්!

කොළඹ LNW:පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ කොත්මලේ...

චීන ආයෝජන සීමා පුළුල් කිරීමට ඇමරිකාව ගත් තීරණයට චීනයේ දැඩි විරෝධය!

කොළඹ LNW:විදෙස් ආයෝජන සඳහා වන සීමා කිරීම් පුළුල් කිරීමට...

රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කරයි.මහවැලි ගඟ ආශ්‍රිතවත් සුළු ගංවතුර අවදානමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජාංගන ජලාශයේ වාන් දොරටු 16ක් විවෘත කර...

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...