සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊයේ(20)දිනයේදී 47වන ජනාධිපතිධුරයේ දිවුරුම් දෙන ලද ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාරම්භක උත්සවයෙන් අනතුරුව ජනාධිපති නියෝග 200කට පමණ අත්සන් කර ඇති බව වාර්තා වේ.
සංක්‍රමණ, දේශගුණික නීති සහ විවිධත්ව ප්‍රතිපත්ති ඇතුළු පුළුල් පරාසයක ගැටලු සම්බන්ධයෙන් ඒකපාර්ශ්විකව ක්‍රියා කිරීමට අදාළ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙලෙස විධායක නියෝග අත්සන කළ අතර ජාත්‍යන්තර මාධ්‍ය මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, හිටපු ජනාධිපතිවරුන් සිය සම්පුර්ණ ධුරකාලය තුළ වත් මෙතරම් නියෝග අත්සන නොකර ඇති බවයි.
ජනාධිපති ට්‍රම්ප් විසින් අත්සන් කරන ලද කතාබහට ලක්ව ඇති විධායක නියෝගයන් අතරින් කිහිපයක් පහත පරිදි වේ.
1.ආගමන හා දේශ සීමා යටතේ දකුණු දේශසීමාවේ ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීම හා සරණාගතයන් පිටුවහල් කිරීම.
2.කාටෙල් සහ ජාත්‍යන්තර කල්ලි විදේශීය ත්‍රස්තවාදී සංවිධාන ලෙස නිල වශයෙන් නම් කිරීම.(මධ්‍යම ඇමරිකානු MS-13 සහ වෙනිසියුලානු කල්ලියක් වන Tren de Aragua අල් කයිඩා, ඊනියා ඉස්ලාමීය රාජ්‍යය සහ හමාස් )
3.දේශසීමා තාප්පයක් ඉදිකිරීමේ විධායක නියෝගය.
4.නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් ඝාතනය කිරීම හෝ වෙනත් මුල්‍යමය අපරාධ සම්බන්ධයෙන් වැරදිකරු වන ඕනෑම අනවසර සංක්‍රමණිකයෙකුට මරණ දණ්ඩනය ලබා දීම.
5.මෙක්සිකෝව සමඟ දකුණු එක්සත් ජනපද දේශ සීමාව වසා දැමීම.
6.ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සීමා කිරීම සඳහා නිර්මාණය කර ඇති සුවිශේෂී ජාත්‍යන්තර ගිවිසුම වන පැරිස් දේශගුණ ගිවිසුමෙන් ඉවත් වීම.(ට්‍රම්ප් ප්‍රථමයෙන් 2017 දී ගිවිසුමෙන් ඉවත් වූ අතර, බයිඩන් නැවත 2021 දී ගිවිසුමට ඇතුලත් වෙන ලදී)
7.හරිත රැකියා ඉහළ නැංවීම, පොසිල ඉන්ධන කර්මාන්තය නියාමනය කිරීම සහ දූෂණය සීමා කිරීම අරමුණු කරගත් බයිඩන්ගේ පරිපාලන නියෝග, රෙගුලාසි සහ වැඩසටහන් මාලාවක් වන ඊනියා හරිත නව ගනුදෙනුව අවසන් කිරීම.
8.නව තීරුබදු හඳුන්වා දීම.(සියලුම ආනයන සඳහා 10% තීරුබදු, කැනේඩියානු සහ මෙක්සිකානු භාණ්ඩ සඳහා 25% සහ චීනයෙන් එන භාණ්ඩ සඳහා 60%ක් වශයෙන්)
9.ගබ්සාව තහනම් කිරීම.
10.රජයේ වියදම් කපා හැරීම අරමුණු කරගත් නව උපදේශක මණ්ඩලයක් වන රජයේ කාර්යක්ෂමතාව දෙපාර්තමේන්තුවක්(එලෝන් මස්ක්ගේ නායකත්වයෙන්) පිහිටුවීම.
11.හමුදාව ප්‍රතිසංවිධානය.
12.සමාජ මාධ්‍ය වේදිකාවක් වන TikTok තහනම් කිරීමේ නීතිය ක්‍රියාත්මක කිරීම කල් දැමීම.
13.2021 ජනවාරි 6 වැනිදා එක්සත් ජනපද කැපිටල් ගොඩනැගිල්ලේ ඇති වූ කැරැල්ලේදී චෝදනා ලැබ සිටින බොහෝ දෙනෙකුට සමාව දීම හා දඬුවම් ලිහිල් කිරීම.
14.1968 සෙනෙට් සභික රොබට් කෙනඩි සහ සිවිල් අයිතිවාසිකම් නායක මාර්ටින් ලූතර් කිං ජූනියර් ඝාතනය කිරීම සම්බන්ධයෙන් රහස්‍ය ලේඛන නිකුත් කිරීම.