කොලොම්බියාවේ මත්ද්‍රව්‍ය කල්ලි ප්‍රචණ්ඩත්වය හේතුවෙන් පුද්ගලයන් 80 දෙනෙකු ජීවිතක්ෂයට

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ලෝකයේ විශාලතම කොකේන් නිෂ්පාදකයා වන කොලොම්බියාවේ කැටටුම්බෝ ප්‍රදේශයේ කොකේන් වෙළඳාම පාලනය කිරීම හා සම්බන්ධයෙන් විශාලතම සන්නද්ධ කණ්ඩායම වන ජාතික විමුක්ති හමුදාව (ELN) සහ කොලොම්බියාවේ විප්ලවවාදී සන්නද්ධ හමුදා (FARC) අතර ඇති වූ ගැටුම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 80 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

පුරවැසියන්ගේ මානව සහ සිවිල් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම අධීක්ෂණය කරන රජයේ ආයතනයක් වන ඔම්බුඩ්ස්මන් කාර්යාලය මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, මෙම ප්‍රහාර රජය සමඟ සාම සාකච්ඡා පවත්වමින් සිටි ගරිල්ලා කණ්ඩායම් අතර සාම ගිවිසුම් බිඳ වැටි වැටීමට හේතු වූ බවයි.

මේවන විට ELN සන්නද්ධ කණ්ඩායම විසින් ප්‍රදේශයන්ගේ පුද්ගලයන් පැහැරගැනීම් කිහිපයකට සම්බන්ධ වී ඇති අතර ප්‍රචණ්ඩත්වය හේතුවෙන් 11.000කට අධික පිරිසක් අවතැන් වී ඇත.

කෙසේ නමුත්, මේ සම්බන්ධයෙන් කොලොම්බියානු හමුදාව නිවේදනය කර තිබුණේ, සාමය යථා තත්ත්වයට පත් කිරීමේ උත්සාහයක් ලෙස කලාපයට අතිරේක හමුදා යොදවන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...