සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමේ නියෝගයකට අත්සන් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ජනාධිපතිවරයා මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් Covid-19 වසංගතය සහ අනෙකුත් ජාත්‍යන්තර සෞඛ්‍ය අර්බුද වැරදි ලෙස හසුරුවන බවට චෝදනා කර තිබු අතර ඒ අනුව, වසරක කාලයක් යනතෙක් ඇමරිකාවෙන් කිසිදු ආධාරයක් නොලැබෙනු ඇත.
එක්සත් ජනපදය මෙතෙක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශාලතම මූල්‍ය ආධාරකරුවා වන අතර එහි සමස්ත අරමුදල්වලින් 18% ක් පමණ දායක වේ.