මෑත කාලයේ වෙඩිතැබීම් – අපරාධවලට ඇල්ලූ හමුදා ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් ගැන අනාවරණයක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෑත කාලයේ සිදුවූ වෙඩිතැබීම් ඇතුළු අපරාධ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ඇති යුද හමුදා සාමාජිකයින් ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අනාවරණයක් සිදුකළේය.

“පසුගිය සැප්තැම්බර් 23 වනදා සිට මේ දක්වා සිදුවූ අපරාධ ගැන අවධානය යොමු කළාම සේවයේ සිටියදීම යුද හමුදාවේ එක්කෙනෙක් දෙන්නෙක් මේ කටයුතුවල නිරත වෙනවා. මේ දින කිහිපය තුළ යුද හමුදා මේජර්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. යුද හමුදාවේ සෙසු නිලයන් 6 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා.පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. සිවිල් ආරක්ෂක නිලධාරියෙක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. සංවිධානාත්ම අපරාධකරුවන් 15ක් සහ අපරාධවලට අනුබලදීම සම්බන්ධයෙන් තවත් 15ක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඒ විදියට තමයි මේ අපරාධ සඳහා සම්බන්ධවෙලා තියෙන්නේ”

මහජන ආරක්ෂක අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (ජනවාරි 21) පාර්ලිමේන්තුවේදී කරුණු දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...

ඇරඹූ ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ආපදාවෙන් රට තුළ...

හිම වැටෙන රාත්‍රියක රෝස අහසක්! Real-Life Stranger Things Moment

සටහන – පුලී ජනවාරි 10, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ බටහිර...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...