ට්‍රම්ප්ගේ “පිරිමි” සහ “ගැහැණු” කතාවට එරෙහිව මව්වරුන්ගේ පෙරමුණෙන් විරෝධය! (PHOTO STORY)

Date:

කොළඹ LNW: මව්වරුන්ගේ පෙරමුණ විසින් අද (21) මෙරට ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපිට සාමකාමී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

මෙහිදී ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට සුභ පැතුම් කළ අතරම ඔහු දිවුරුම් දෙමින් කළ ප්‍රකාශයකට විරෝධතාවක්ද ප්‍රකආෂ කළේය.

ඇමරිකානු නව ජනාධිපති ලෙස දිවුරුම් දෙමින් ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදය මින් ඉදිරියට “පිරිමි” සහ “ගැහැණු” යන සමාජභාවයන් පමණක් හඳුනා ගන්නා බවට ප්‍රකාශ කරන ලදී.

එම ප්‍රකාශයත් සමඟ ජනාධිපති ට්‍රම්ප් මිලියන සංඛ්‍යාත ඇමරිකානුවන්ගේ විශේෂයෙන්ම සංක්‍රාන්ති සමාජභාවී හෝ සමාජභාවී ද්විත්ව-නොවන අනන්‍යතා ඇති ලෙස හඳුනා ගන්නා අයගේ අයිතිවාසිකම්, ගෞරවය සහ ආරක්ෂාව අනතුරකට ලක්ව තිබෙන තත්ත්වයක් මතුව තිබේ.

එවැනි ප්‍රකාශයක් දියුණු සමාජයක ජනාධිපතිවරයෙකුගේ මුවින් පිටවීම යුක්ති සහගත නොවන බව මෙරට මම්වරුන්ගේ පෙරමුණ ද අද ඔවුන්ගේ විරෝධතාවේදී අවධාරණය කරන ලදී.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න!

https://www.readphotos.com/photo-stories/703/march-of-support

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම 2026 මාර්තු කලාපය කවද අහවර වේද සිහිතල...

ඉරානයේ උත්තරීතර නායකයා සමඟ යුගය මිය ගියා ද ?

සටහන:සශිකලා මධුෂාණිමාර්තු 01 ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 1979 ඉස්ලාමීය විප්ලවයෙන් පසු...

ඉරාන ප්‍රහාර සහ ශ්‍රී ලංකා ආර්ථිකය…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ශ්‍රී ලංකාවත්...

කමේනිගේ මරණය සමඟ සතුට, භය සහ බලාපොරොත්තුව අතර ඉරානය බෙදී යයි ද? කාන්තාධිපත්‍යය ද හිස ඔසවන හැඩක්!

සටහන – පුලී මාර්තු 01, LNW (කොළඹ): ඉරාන උත්තරීතර නායක අයතුල්ලා...