ට්‍රම්ප්ගේ “පිරිමි” සහ “ගැහැණු” කතාවට එරෙහිව මව්වරුන්ගේ පෙරමුණෙන් විරෝධය! (PHOTO STORY)

Date:

කොළඹ LNW: මව්වරුන්ගේ පෙරමුණ විසින් අද (21) මෙරට ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපිට සාමකාමී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

මෙහිදී ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට සුභ පැතුම් කළ අතරම ඔහු දිවුරුම් දෙමින් කළ ප්‍රකාශයකට විරෝධතාවක්ද ප්‍රකආෂ කළේය.

ඇමරිකානු නව ජනාධිපති ලෙස දිවුරුම් දෙමින් ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදය මින් ඉදිරියට “පිරිමි” සහ “ගැහැණු” යන සමාජභාවයන් පමණක් හඳුනා ගන්නා බවට ප්‍රකාශ කරන ලදී.

එම ප්‍රකාශයත් සමඟ ජනාධිපති ට්‍රම්ප් මිලියන සංඛ්‍යාත ඇමරිකානුවන්ගේ විශේෂයෙන්ම සංක්‍රාන්ති සමාජභාවී හෝ සමාජභාවී ද්විත්ව-නොවන අනන්‍යතා ඇති ලෙස හඳුනා ගන්නා අයගේ අයිතිවාසිකම්, ගෞරවය සහ ආරක්ෂාව අනතුරකට ලක්ව තිබෙන තත්ත්වයක් මතුව තිබේ.

එවැනි ප්‍රකාශයක් දියුණු සමාජයක ජනාධිපතිවරයෙකුගේ මුවින් පිටවීම යුක්ති සහගත නොවන බව මෙරට මම්වරුන්ගේ පෙරමුණ ද අද ඔවුන්ගේ විරෝධතාවේදී අවධාරණය කරන ලදී.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න!

https://www.readphotos.com/photo-stories/703/march-of-support

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති අනුරගේ නත්තල් දින පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල යථාර්ථයේ වේදනාකාරී සත්‍යයට මුහුණ දෙමින් අභියෝග...

අද (25) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 25) දිනයේදී ඌව පළාතෙත්...

අම්බලන්ගොඩ පොලිස් නිලධාරියෙක් වෙඩිවැදීමෙන් රෝහලට

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේදී ඊයේ (24) පස්වරුවේ...

නත්තල් සිසිලස අර්ථවත්කළ තවත් තාරකාවක නිවී යෑම: ක්‍රිස් රෙයා, ජෝර්ජ් මයිකල් ඔබ එනතුරු බලා සිටී!

නත්තල් සිසිලස අර්ථවත්කළ තවත් තාරකාවක නිවී යෑම: ක්‍රිස් රෙයා, ජෝර්ජ් මයිකල් ඔබ එනතුරු බලා සිටී!