මලින්ද අරාමාදුර කුසලානය ආදී ආනන්ද ක්‍රීඩා සමාජයට

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 18 ,(LNW)කොළඹ :

කණ්ඩායම් 14 ක් සහභාගි වූ, දියගම බේස්බෝල් පිටියේදී පැවති මලින්ද අරුමාදුර ලීග් බේස්බෝල් තරඟාවලියේ සූරතාවය දිනා ගන්නට ආදී ආනන්දීයයන්ගේ බේස්බෝල් සමාජය සමත් වුණා. අනු සූරතාවය දිනා ගත්තේ මහනුවර බේස්බෝල් සමාජය යි.


අවසාන තරගයේ දී ආදී ආනන්ද කණ්ඩායම ජය ගත්තේ ලකුණු 15 – 10 ක් ලෙසයි.තරගයේ හොඳම පන්දු රකින්නා ලෙස සුනෙත් වලිසුන්දර (මහනුවර බේස්බෝල් සමාජය) ඇගයීමට ලක් වූ අතර හොඳම පිතිකරු ලෙස කවිඳු ප්‍රභාත් (ආදී ආනන්දීයයන්ගේ බේස්බෝල් සමාජය) සම්මානයට පාත්‍ර වුණා. හොඳම පන්දු රකින්නා (උඩ පන්දු ලබා ගැනීම)-සසංග ද සිල්වා (ආදි ආනන්දීයයන්ගේ බේස්බෝල් සමාජය) සහ හොඳම පන්දු යවන්නා (Best pitcher) සනත් දසනායක, (ආදි ආනන්දීයයන්ගේ බේස්බෝල් සමාජය) මෙහිදී වීශේෂ ඇගයීම්වලට ලක් වුණා.


තරගාවලියේ තෙවන ස්ථානය දිනා ගනු ලැබුවේ දෙවන කොළඹ විශ්ව විද්‍යාල බේස්බෝල් සමාජය යි.කිමෝටෝ හරමිත්සු, ඉවාය ෂුචිරෝ,ජාතික කණ්ඩායමේ උප නායක ක්‍රිෂ්ණ හපුආරච්චි,ජාතික බේස්බෝල් නායක සමීර රත්නායක,එම්වීපී-හසිරු මලිත් ශ්‍රී ලංකා බේස්බෝල් අධ්‍යක්ෂක, විනිසුරු සංගමය, තරංග සම්පත්, ජ්‍යෙෂ්ඨ ලීග් බේස්බෝල් අධ්‍යක්ෂක චතුර රණසිංහ, තරඟාවලියේ ප්‍රධාන සංවිධායක සුභාෂ් ගුණසිංහ සහ ශ්‍රී ලංකා බේස්බෝල් ප්‍රධාන විධායක නිලධාරී තීක්ෂණ ගමමන්පිල ත්‍යාග ප්‍රදානයට දායකත්වය ලබා දුන්නා.

ජපානයේ ප්‍රථම දකුණු ආසියාව සතු එකම බේස්බෝල් පිටිය ලෙස හඳුන්වන දියගම බේස්බෝල් පිටිය ගොඩනැගීමට දායක වූ ඇරිසෝනා හෝටල් දාමයේ සභාපති, අනමි කෙනිචි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්ව සිටීම කැපී පෙණුනා.නියෝජ්‍ය විනිසුරු අධ්‍යක්ෂ ලෙස ලෝකයම දන්න බේස්බෝල් විනිසුරු කේෂ්ත්‍රෙය් ප්‍රවීනයෙකු වන සුජීව විජයනායක මෙහීදී සිහිපත් කළ අතර දියගම බේස්බෝල් පිටිය ගොඩනැගීම සඳහා ප්‍රධාන සම්බන්ධීකරණයක් කළ සහ ශ්‍රී ලංකා බේස්බෝල් සංවර්ධනයට අඛණ්ඩව සහාය වීමද මෙහීදී සිහිපත් කෙරුණා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...