අපි අඩුවෙන් නිවාඩු අරන් වැඩියෙන් වැඩ කරමු – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

පවතින තත්ත්වයෙන් රට ගොඩ ගැනීමට නම් පාලකයන් මෙන් ම ජනතාව ද අඩුවෙන් නිවාඩු අරගෙන වැඩියෙන් වැඩ කිරීමේ වැඩපිළිවෙළකට යොමු විය යුතු බවත් ඒ සඳහා පක්ෂයේ නායකයා ලෙස තමා ද ප්‍රායෝගිකව දායකත්වය ලබා දෙන බවත් එය වචනයට පමණක් සීමා නොකර මහපොළොවේ යථාර්ථයක් බවට පත් කිරිමට කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එසේ ම පුංචි ඡන්දයෙන් සමගි ජන බලවේගය බලය ලබා ගන්නා ප්‍රාදේශීය සභාවන්ගේ සභාපතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට හිතු හිතූ ආකාරයට හැසිරීමට කිසිදු අවස්ථාවක් නොමැති බවත් සාම්ප්‍රදායික ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් මෙන් කෝන්ත්‍රාත් කිරීමට හෝ වෙනත් ලාභ ප්‍රයෝජන ඇති දේවල් කිරීමට කිසිදු ඉඩක් නොමැති බවත් මෙවැනි තීරණයක් සමගි ජන බලවේගය ගනු ලැබූ නිසා නාමයෝජනා ලබා දෙන පිරිස අඩු විය හැකි වුවත් ඒ ගැන කිසිදු තැකීමක් නොකරන බවත් අවශ්‍ය වී ඇත්තේ ජනතාවට සේවය කරන සුහුරු ප්‍රාදේශීය සභාවක් බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

එසේ ම තරුණ උපදේශක සභාවක් හරහා ප්‍රාදේශීය සභාවේ සභාපති සහ මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාවන් නිරීක්ෂණය කරන බවත් ජනතාවට ඔවුන් සේවය කරන්නේ නැතිනම් වහාම ඔවුන් ඉවත් කිරීමට දෙපාරක් සිතන්නේ නොමැති බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

එසේ ම තරුණයන්ගේ පාසල් සිසුන්ගේ දැනුම වර්ධනය කිරීමට සෑම ගමකම පුස්තකාලයක් නිර්මාණය කර තොරතුරු සහ දත්ත සඳහා ප්‍රවේශ වීමට මඟ පාදන බවත් ලොව පළමු තැනට ශ්‍රී ලංකාව පත් කිරීම මේ සියලු වැඩසටහන් හි අරමුණ බවත් ඒ සඳහා පාර්ලිමේන්තුවට තනිවම ක්‍රියා කළ නොහැකි බැවින් ජනතාවගේ ද සහයෝගය ලබා ගැනීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ පසුගියදා සේරුවිල ආසනයේ මොරවැව සබජ මෙහෙයුම් කාර්යාලයේ පැවති රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසියේ රාජිත ලෙඩවෙයි: හේතු කියන්න නීතිඥවරයෙක් අල්ලස් කොමිසමට!

රෂිකා හෙන්නායක ජූනි 02, කොළඹ LNW :  අද(2) දින හිටපු ධීවර...

චූදිතයින් කලබල වුණාට අපිට කරන්න දෙයක් නැහැ. ශානි වගේ නිලධාරීන්ව අපි රකිනවා!

කොළඹ LNW:ශානි අබේසේකර මහතා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ...

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...