නානුඔය බස් – වෑන් අනතුරෙන් 07 දෙනෙකු මරුට !

නානුඔය, රදැල්ල ප්‍රදේශයේදී ඊයේ (20) රාත්‍රියේ බස් රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් සිදුවුණු දරුණු රිය අනතුරින් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් ඇති බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

මෙසේ එකිනෙක ගැටීමෙන් අනතුරට ලක්ව තිබුණේ අධ්‍යාපන චාරිකාවක් සඳහා ගිය කොළඹ තර්ස්ටන් විදුහලේ සිසුන් රැගත් බස් රථයක් සහ දික් ඔය සිට නානුඔය දෙසට ධාවනය වෙමින් තිබූ පවුලේ චාරිකාවක් සඳහා ගිය පිරිසක් රැගත් වෑන් රථයකි.

නුවර එළිය – නානුඔය මාර්ගයේ රදැල්ල බෑවුම් ප්‍රදේශය දෙසින් බස් රථය වේගයෙන් පැමිණ ඇති අතර එහි රියදුරු තිරිංග යෙදීමට උත්සාහ කළත් තිරිංග ක්‍රියාත්මක නොවී ඇති බව සඳහන්.

එහිදී බස් රථය පහළ බෑවුම දෙසින් පැමිණි වෑන් රථයෙහි ගැටී විසිවී ගොස් පසුපසින් ආ ත්‍රීරෝද රථයක ද ගැටී පාරෙන් මීටර් 50ක් පමණ පසකට ඇදී ගොස් තිබිණි.

අනතුරෙන් තුවාල ලැබූ 51 දෙනෙකු නුවර එළිය රෝහලට ඇතුළත් කර තිබිණි. බස් රථයේ පැමිණි සිසුන් ඇතුළු පිරිසට බරපතළ තුවාල සිදුව නොමැති අතර වෑන් රථයේ පැමිණි ළමුන් තිදෙනෙකු ඇතුළු 06 දෙනෙකු සහ ත්‍රීරෝද රථයේ රියදුරා මරුමුවට පත්ව ඇති බවයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...