නානුඔය බස් – වෑන් අනතුරෙන් 07 දෙනෙකු මරුට !

Date:

නානුඔය, රදැල්ල ප්‍රදේශයේදී ඊයේ (20) රාත්‍රියේ බස් රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් සිදුවුණු දරුණු රිය අනතුරින් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් ඇති බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

මෙසේ එකිනෙක ගැටීමෙන් අනතුරට ලක්ව තිබුණේ අධ්‍යාපන චාරිකාවක් සඳහා ගිය කොළඹ තර්ස්ටන් විදුහලේ සිසුන් රැගත් බස් රථයක් සහ දික් ඔය සිට නානුඔය දෙසට ධාවනය වෙමින් තිබූ පවුලේ චාරිකාවක් සඳහා ගිය පිරිසක් රැගත් වෑන් රථයකි.

නුවර එළිය – නානුඔය මාර්ගයේ රදැල්ල බෑවුම් ප්‍රදේශය දෙසින් බස් රථය වේගයෙන් පැමිණ ඇති අතර එහි රියදුරු තිරිංග යෙදීමට උත්සාහ කළත් තිරිංග ක්‍රියාත්මක නොවී ඇති බව සඳහන්.

එහිදී බස් රථය පහළ බෑවුම දෙසින් පැමිණි වෑන් රථයෙහි ගැටී විසිවී ගොස් පසුපසින් ආ ත්‍රීරෝද රථයක ද ගැටී පාරෙන් මීටර් 50ක් පමණ පසකට ඇදී ගොස් තිබිණි.

අනතුරෙන් තුවාල ලැබූ 51 දෙනෙකු නුවර එළිය රෝහලට ඇතුළත් කර තිබිණි. බස් රථයේ පැමිණි සිසුන් ඇතුළු පිරිසට බරපතළ තුවාල සිදුව නොමැති අතර වෑන් රථයේ පැමිණි ළමුන් තිදෙනෙකු ඇතුළු 06 දෙනෙකු සහ ත්‍රීරෝද රථයේ රියදුරා මරුමුවට පත්ව ඇති බවයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සීතාවක සභාව පිහිටුවීම: සර්වජන බලයේ මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

කොළඹ LNW:සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීමට පැවති ඡන්ද...

අවුල් මැදම සීතාවක සභාවේ බලය පිහිටුවයි!

කොළඹ LNW:සීතාවක ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම අද (18) සිදුකර...

ජේෂ්ඨ සම්මානනීය ගුවන්විදුලි නිවේදිකා චිත්‍රා කුමාරි කළුබෝවිල දිවි ගමන නිම කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : ජේෂ්ඨතම සම්මානනීය ගුවන්විදුලි...

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුපත් අහෝසියි!

කොළඹ LNW:පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් නීතිය (ඉවත් කිරීමේ ) පනත්...